Episode 29

211 62 7
                                    

ඊලග දවසෙ උදේම jimin ට ඇහැරුනේ පපුව මැද්දට දැනුන yun ගෙ උනුසුම් හුස්මත් එක්ක.
jimin ඇස් දෙක ඇරලා බලද්දි දැක්කා පූස් පැටියෙක් වගේ එයාට ගුලි වෙලා ඉන්න කෙල්ලව . jimin ටික වෙලාවක් නිදාගෙන ඉන්න yun දිහා බලාගෙන හිටියා. jimin ට මෙහෙම නිදාගෙන ඉද්දි කෙල්ලව නැගිට්ටවන්න ලෝබ හිතුනත් එදා දවසෙ කරන්න ඕනෙ හුගක් දේවල් තියනවා කියලා මතක් උන නිසා yun ව ඇහැරුවා.

"Princess... good morning.. "

Jimin හිමීට එහෙම කියද්දි කෙල්ල පොඩි ලමයෙක් වගේ තවත් තුරුල් උනා.

"යා.... ඔච්චර cute වෙන්න එපා.. මට පිස්සු හැදෙයි.."

jimin කෙල්ලවත් තදින් බදාගන්න ගමන් හිනාවෙවී කිව්වා. yun හෙමීට ඇස් දෙක ඇරලා ඇදේ ඉදගත්තෙ හුගක් කම්මැලිකමෙන්. එයාටත් ඕනෙ උනේ හැමදාම හරි මෙහෙම jimin ගාවටම වෙලා ඉන්න.
ඒත් තාම මේ ප්‍රශ්න වල ඉවරයක් නැති නිසා yun ට ඕනෙ උනේ ඉක්මනටම ඒ ඔක්කොටම විසදුම් හොයාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න.

උදේම namjoon ව හම්බවෙන්න යන්න ඕනෙ නිසා දෙන්නම ඉක්මනට ලැහැස්ති වෙලා hospital එකට ගියා.

........................................................................

කට්ටියම hospital එකට එකතු වෙලා කතා කරේ hoseokවයි jungkook වයි බේරගන්න පුලුවන් විදිහක්.

"අපි මේ වෙලාවෙ කලබල වෙන්නැතුව මේකට දෙයක් කරන්න ඕනෙ. මුලිම්ම හොයාගන්න ඕනෙ so joon තනියමද ඉන්නෙ නැත්තන් එයාට තව කට්ටිය ඉන්නවද කියලා."

namjoon එහෙම කියද්දි හැමෝම ඒක හරි කියලා තේරුම් ගත්තා.

" අනික තමයි අපි එයාව දන්නවා කියලා එයාට තේරෙන්න හොද නැහැ. එහෙම උනොත් එයා එයාගෙ plans ඔක්කොම වෙනස් කරයි."
jin එහෙම කිව්වා.

"ටික දවසක් යනකන් taehyung ට accident එකෙන් ලොකු කරදරයක් උනේ නැහැ කියලා අපි ටික විතරක් දැනගත්තහම ඇති. jimin... ඔයා දැන් so joon ගෙ ගෙදරට යන්න ඕනෙ. අපි ඔක්කොම plan කරලා තියෙන්නෙ. ඔයාට තියෙන්නෙ කිසි දෙයක් දන්නෙ නැති විදිහට එයා එක්ක කතා කරන්න විතරයි. "

namjoon එහෙම කියනවත් එක්කම yun බය වෙලා jimin දිහා බලාගෙන හිටි⁣යා. Jimin ට තේරුනා yun එයාට කරදරයක් වෙයි කියලා බයෙන් ඉන්න බව.
jimin yun දිහා බලලා හිනා වුනේ හැමදේම හොදට වෙයි කියලා කියන්න.

🚫 THE KILLER 🚫Where stories live. Discover now