Episode 19

274 81 81
                                    

Yun ට සිහිය එද්දි එයා හිටියෙ ඇදක් උඩ . කොන්ඩෙ අස්සෙන් ගිය සිනිදු ඇගිලි කීපයක් නිසා yun ට එහෙම්මම තව ටිකක් නිදාගන්නමයි හිතුනෙ. yun අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි දැක්කා ඔලුවත් අත ගගා yun දිහා බලන් ඉන්න jimin ව.

"Jiminaa..ඒ.. හිටියෙ ..minho ද....කවුද මේවා කරන්නෙ..😭"

yun නැගිට්ට ගමන්ම jimin ව බදාගෙන අඩන්න ගත්තා.

"...හ්ම්...එයා තමයි..බය වෙන්න එපා..පොලිසියෙනුත් ඇවිල්ලා ඉන්නෙ.."

jimin එහෙම කියලා yun ව බදා⁣ගත්තා.

"කවුද park jimin කියන එකා...මම ඕකව මරනවා.."

එතකොටම එතනට කෑගහගෙන ආවෙ minho ⁣ෙග තාත්තා ,mr. Choi.
එයා කෑ ගහපු සද්දෙට එතන හිටපු හැමෝම ගැස්සිලා ගියා.

"තමුසෙ නේද park jimin "

Choi ඇවිල්ලා jimin ගෙ shirt එකේ coller එකෙන් අල්ලලා අදින ගමන් කෑ ගැහුවා.

"තමුසෙ නේද මගෙ පුතාට එහෙම කරේ...කියපං.. තමුසෙ නේද minho ව මැරුවෙ"

"එහාට වෙනවා..මම මුකුත් කරේ නැහැ....තමුන්ගෙ පුතා මොන වගේ කෙනෙක්ද කියලා හොයල බලනවා ඉස්සෙල්ලම"

"හහ්..මගේ පුතා ගැන මම දන්නවා මිනිහො..හහ්..මේ ඉන්නෙ so yun වෙන්නඇති...#&$%& තමුසෙලා දෙන්නම එකතු වෙලා තමයි මගෙ පුතාව මරාගත්තෙ..මගෙ එකම පුතා. මගෙන් පස්සෙ මගෙ නම ගෙනියන්න හිටපු එකම පුතා.."

mr.choi එතනට ඇවිල්ලා බෙරිහන් දෙන්න ගද්දි jimin ට වගේම yun ටත් හොදටම කේන්ති ගියා.

" තමුසෙගෙ පුතාව මරන්න අපිට අමාරුවක් නැහැ...දන්නවද තමුසෙගෙ මහ ලොකු පුතා මට කරපු දේවල්"
yun කේන්තිය වැඩි කමට කෑ ගහගෙන ගියා.

"කාටද උබ ඔය කෑ ගහන්නෙ 🤬 #%*$%&"

එහෙම කියලා choi අත ඉස්සුවෙ yun ව වැටෙන්නම ගහන්න. ඒත් jimin yun ට ගහන්න නොදී ඒ අත හයියෙන් අල්ලගත්තා. jimin ගෙ ඇස් දෙක කේන්තියටම රතු වෙලා.

"තමුසෙ මගෙන් මැරුම් නොකා යනවා මෙතනින්..."
jimin තරහෙන් වෙව්ලන ගමන් කිව්වා.

එතකොටම එතන සද්දෙ ඇහිලා එතනට ආවෙ namjoon.

"මොකද්ද මෙතන වෙන්නෙ..mr.choi ඔයාට අයිතියක් නැහැ මේ ලමයින්ට ඔහොම තර්ජන කරන්න ..කරුනාකරලා මෙතනින් යන්න"

🚫 THE KILLER 🚫Where stories live. Discover now