Episode 30 ; My Story 1

197 71 7
                                    

So joon POV;

මගේ අත් දෙකෙන් පලවෙනි පාරට මනුස්සයෙක් මැරෙනකොට මට වයස අවුරුදු 10යි. එදා ඉදන් මට සිද්ද උන දේවල් කවුරුත් දැනගෙන හිටියෙ නැහැ. කාටවත් දැනගන්න ඕනෙ උනෙත් නැහැ.
එදායින් පස්සෙ මම ගත කරපු ජීවිතය මතක් වෙනවටවත් මම කැමති නැහැ.

........................................................................
මටත් තිබුනා හුගක් ලස්සන මතක වලින් පිරිලා තිබුන ලමා කාලයක්. මම ජීවත් උනේ මගේ අම්මයි තාත්තයි එක්ක. හුගක් ලස්සන පුංචි ගෙදරක. මගේ තාත්තා businessman කෙනෙක් . ඒ නිසා එයා ඒ කාලෙ ඉදන්ම හුගක් කාර්යබහුල උනත් ලැබුන හැම අවස්ථාවකම එයා මායි අම්මයි එක්ක හිටියා. අපි හුගක් සතුටෙන් හිටියෙ. කිසිම අඩුපාඩුවක් තිබුනෙ නැහැ.
ඒත් ඒක වෙනස් වෙන්න වැඩි කාලයක් ගත උනෙත් නැහැ.

........................................................................
ටික කාලයක් ගත වෙද්දි තාත්තා දවස් ගනන් ගෙදර එන්නැතුව හිටියා. ඒත් එහෙම වෙන්නෙ එයාට හුගක් වැඩ තියන නිසා කියලා අම්මා හිතුවෙ. එයා කවදාවත් තාත්තාව සැක කරේවත් එයාගෙන් ප්‍රශ්න කරන්න ගියේවත් නැහැ. 
ඒකෙන් මගේ තාත්තා කියන එකා හුගක් ප්‍රයෝජන ගත්තා. දවස් ගනන් මමයි අම්මයි තනියම ගෙදර හිටියා. අපි දෙන්නටම තේරිලා තිබුනා මොකක්මහරි වැරැද්දක් වෙනවා කියලා. ඒත් අම්මා මාත් එක්ක ඒ මොනවත් කිව්වෙ නැහැ මම හුගක් පොඩි නිසා.

ඒත් එක දවසක්...
එදත් අම්මයි මමයි ගෙදර තනියම හිටියෙ. රෑ 11ට විතර කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහුනා.
දොර ඇරියහම දැක්ක දේ නිසා මම එදා හුගක් බය උනා.

දොර ගාව හිටියෙ මගෙ තාත්තා. ඒත් තනියම නෙමෙයි. තව ගෑනු කෙනෙක් එක්ක. ඒ දෙන්නම හොදටම බීලා හරියට නැගිටගන්නවත් බැරුව හිටියෙ. එතන පොඩි ලමයෙක් බලන් ඉන්නවා කියලාවත් හිතන්නෙ නැතුව ඒදෙන්නා ගේ ඇතුලට බලෙන්ම ඇවිත් හැසිරුන විදිහ දැකලා මම හුගක් බය උනා. මගේ අම්මා දොර ගාවම හෙලවෙන්නෙවත් නැතුව හිටියා . මම දුවලා ගිහිල්ලා අම්මාව බදාගත්තා. මම දැක්කා අම්මගෙ ඇස් දෙකෙන් හොදටම කදුලු එනවා. එයා මුකුත්ම නොකර තාත්තයි අර ගෑනු කෙනයි අමාරුවෙන් ඇවිදගෙන කාමරේට යනවා බලාගෙන හිටියා. මම දැක්කා මගේ අම්මගෙ ඇස් දෙක. ඒ ඇස් දෙකෙ ලොකු දුකක් තිබුනා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now