Episode 31; MyStory 2

199 65 10
                                    

මාසයක් විතර නොදැනීම ගෙවිලා ගියා. ඒ මාසෙ අම්මයි මමයි හුගක් සතුටෙන් හිටියෙ. අපි කොච්චර දුප්පත් උනත් සතුටෙන් හිටියා.ඒත් ඒ සතුට මට සදහටම නැති වෙන්න ගියේ ටික කාලයයි.

දවසක් මම රෑ නිදාගෙන ඉද්දි හීනයක් දැක්කා. මගෙ අම්ම ඒ හීනෙ මාව දාලා යන්න ගියා. මම ඇහැරුනේ හුගක් බය වෙලා. මම ඉක්මනට ඇදෙන් බැහැලා දුවගෙන ගියේ අම්මා ගාවට. මම යද්දි අම්මා කුස්සියෙ බිම වැටිලා හිටියා . මම අම්මා ගාවට ගිහිල්ලා අම්මට කතාකරත් අම්මා හෙලඋනේවත් නැහැ. මට ඒ මොහොත තාමත් හොදට මතකයි. තිබ්බ බයටම මට කරන්න ඕනෙ මොකද්ද කියලා හිතාගන්න බැරි උනා.

මම අම්මගෙ phone එක අරගෙන mr.park ට කතාකරා. එයා ටික වෙලාවකට පස්සෙ ඇවිල්ලා අම්මවයි මාවයි hospital එකටඅරගෙන ගියා. මම හොදටම අඩ අඩ හිටියෙ. අපි යන අතරෙ mr.park මුකුත් කතා කරේ නැහැ.

අපි hospital එක ඇතුලට ගියාට පස්සෙ doctors ලා එකතු වෙලා අම්මව ward එකට ගෙනිච්චා. ඒත් වෙනදා යන තැනට නෙමෙයි. මම හිතුවෙ ඒක hospital එකේම වෙන කොටසක් කියලා.මොනව උනත් mr.park හිටිය නිසා මට හිතුනා හැමදේම හරියයි කියලා.මට කරන්න පුලුවන් උනේ දොර ගාවට වෙලා අඩන එක විතරයි.

ටික වෙලාවකට පස්සෙ mr.park එලියට ආවා. ඒත් එයා වෙනදා වගේ මං ගාවට ඇවිල්ලා මාව බදාගෙන මට බය වෙන්න එපා කිව්වෙ නැහැ. මම mr.park ගාවට දුවගෙන ගිහින් ඇහුව මගෙ අම්මා ගැන.

"අපි බලමු..so joon ඔයා දැන් ගෙදර යන්න. අපි පුලුවන් හැම දේම කරනවා."

mr.park එහෙම කියද්දි මට දැනුනෙ මගෙ මුලු ලෝකෙම නැති වෙන්න යනවා වගේ. mr.park එතනින් ගියාට පස්සෙ මට අම්මව බලන්න යන්න ඕනෙ උනා. ඒත් mr.park එපා කියපු නිසා මම දොර ගාවට ගිහින් ආයෙත් නතර උනා. ම⁣ට බෑ අම්මව එතන තනියම දාලා යන්න. මට ඒ වෙලාවෙ අම්මව බලන්න ඕනෙ උනා.

මම හිතාගත්තා ටික වෙලාවකට ඇතුලට ගිහිල්ලා අම්මව බලලා ඉක්මනට එනවා කියලා. එහෙම හිතාගෙන මම ඇතුලට ගියා. ඒත් දැක්ක දේ නිසා මාව එකපාරටම හිටපු තැනම නැවතුනා. අම්මව ඇතුලෙ ඇදක තියලා අත් දෙක ගැටගහලා තිබුනා. මම ඉක්මනට අම්ම ගාවට දුවගෙන ගිහිල්ලා අම්මව බදාගත්තා. අම්මට මොනවද උනේ කියලා මුකුත්ම මට හිතාගන්න බැරි උනා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now