Episode 27

231 71 5
                                    

ඊලග දවසෙ උදෙම yun තුවාලෙට බෙහෙත් දාගෙන ගියේ jimin ගාවට. Jimin ට අසනීප උන වෙලාවෙ ඉදලා yun jimin ගාවින් අඩියක්වත් හෙල්ලුාන් නැහැ. එයාට ඕනෙ උනේ jimin මොන තත්වෙන් හිටියත් එයා ගාවටම වෙලා ඉන්න.
Yun මේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර හෙමීට jimin ඉන්න room එකට ඇවිදගෙන ගියේ තුවාලෙ රිදෙන එක අමතක කරලා. ඒත් එක පාරටම ඉස්සරහින් වේගෙන් ඇවිදගෙන ආපු කෙනෙක් yun ගෙ ඇගේ හැප්පිලා ගියා. yun ඒක නිසා විසිවෙලා එහාපැත්තෙ තිබුන බිත්තියෙ වැදිලා නොවැටී ඉන්න පුලුවන් උනා .

Yun ට තාම හිමීට ඇවිදින්න පුලුවන් උනාට තුවාලෙ නිසා දුවන්න වගේ දේවල් කරන්න අමාරු උනා.
එක පාරටම එයාගෙ ඇගේ හැප්පිලා ගිය මනුස්සයා දිහා බල බලම yun බඩත් අල්ලන් අමාරුවෙන් කෙලින් උනා.

ඒත් එක්කම yun ට තව කෙනෙක්ගෙ අඩි සද්දයක් ඇහුනා. yun ඉක්මනට බිත්තිය පැත්තට බර උනේ එයත් ඇගේ හැප්පීගෙන යයි කියලා හිතලා.
ඒත් ඈතින් එද්දි yun දැක්කා එයා එන්නෙ කිහිලි කරු වලින් කියලා.

"යා .... ඔහොම නවතිනවා... shit"

"Yoongi?!?! ..ඇයි ...ඔයා මොකද.."

"අර මනුස්සයව අල්ලගන්න.. මාව මරන්න හැදුවෙ එයා.. "

ඒ මනුස්සයා පස්සෙන් yoongi පන්නගෙන එද්දි තමයි yun ඒක දැක්කෙ. yoongi ගෙ කකුලට උන තුවාලෙ නිසා එයාට තාම හරියට ඇවිදගන්නවත් බැහැ. yoongi කෑ ගහලා කිව්ව දේ කිව්වදේ ඇහුන ගමන්ම yun අමාරුවෙන් මනුස්සයා පස්සෙන් දුවන්න ගත්තෙ තුවාලෙ හොදටම පෑරෙද්දි.

yun කොර ගගහා එයාගෙ පස්සෙන්ම යන්න පුලුවන්තරම් උත්සාහ කරත් මනුස්සයා ඉක්මනට සෙනග අතරට ගිය⁣ා.
ඒත් yun එයාව හොයන වැඩේ අතඇරියෙ නැත්තෙ එයාට මේ හැම දේම අවසානයක් ඉක්මනටම දකින්න ඕනෙ උන නිසා.

ඒත් ඒ සෙනග ගොඩ මැද්දෙ එක මනුස්සයෙක්ව හොයාගන්න yun ට හුගක් අමාරු උනා. ඒ වෙලාවෙම yun ගෙ phone එක ring වෙන්න ගත්තා.

"yun.. කොහෙද ඉන්නෙ.."

"ආ..මම....ම...ම... පල්ලෙහට ආවා ..ටිකක්.."

"හරි ඉක්මනට එන්න.. jimin ට සිහිය ආවා."

ඒ මොහොතේ yun ට හැම දේම අමතක උනා. එයාගෙ ඔලුවෙ තිබුනෙ jimin ගැනම විතරයි. පනිවිඩේ ආපු ගමන්ම yun ආයෙත් ආවට වඩා වෙගෙන් දුවගෙන ගියේ jimin ව බලන්න.
jimin ලගට යද්දිත් yun හුගක් අමාරුවෙන් හිටියෙ තුවාලෙත් එක්ක දුවපු නිසා.
yun එතනට යද්දිත් කට්ටියම එතන හිටියා.
yun ව දැක්ක ගමන් jimin ලස්සනට හිනාවුනේ yun ගෙ මුලු ලෝකෙම ආයෙත් එයාට දෙන ගමන්.

🚫 THE KILLER 🚫Where stories live. Discover now