Episode 26

221 74 17
                                    

බඩේ දකුනු පැත්තෙන් ආව දරාගන්න අමාරු වේදනාවක් නිසා yun ට සිහිය ආවා. yun ට සිද්ද උන දේවල් එකින් එකට මතක් උනා . එයාට එකපාරටම මතක් උනා එයාගෙ යාලුවව අන්තිමට දැකපු විදිහ . යකඩ මේසයක් උඩ hansoul ව අත් දෙකෙන්ම බැදලා හිටිය හැටි yun ට මතක් උනා. ඒත් එක්කම yun ඇදෙන් නැගිට්ටා. වටපිට බැලුවහම එයාට තේරුනා එයා ඉන්නෙ hospital එකක කියලා. yun අවසිහියෙන් වගේ වටපිට බැලුවෙ hansoul ඉන්නවද බලන්න.
yun ගෙ ඇද ගාව තිබුන පුටුවක ඉදගෙනම නින්ද ගිහින් ඉන්න යාලුවව දැක්ක ගමන් yun ඇදෙන් නැගිටලා එයා ගාවට යන්න හැදුවත් කකුල බිම තිබ්බ ගමන්ම බඩෙන් ආපු කැක්කුම නිසා yun ව එතනම බිම වැටුනා .

"ආ.... ..  ඇයි මෙච්චර රිදෙන්නෙ..."
එතකොට තමයි yun ට හරියටම මතක් උනේ එයාගෙ බඩට පිහියකින් ඇන්නා කියලා. එතනින් එහාට වෙච්ච කිසිම දෙයක් yun දැනගෙන හිටියෙ නැහැ.

"so yun.. ඔයා නැගිට්ටද.. අමාරු නෑ නේද.... ඔහොම ඇවිදින්න හදන්න එපා.."

yun වැටුන සද්දෙට hansoul නැගිටලා ඇවිත් යුන් ව බදාගත්තා.

"sooul. ඔයාට..ඔයා... හොදින් නේද?.. කියන්න.. මොකද උනේ.."

yun ට ඒ වෙලාවෙ ඇස් දෙකෙන් ආපු කදුලු නවත්තගන්න බැරි උනා. yun හොදටම බය වෙලා හිටියෙ එයාගෙ යාලුවට  අදුරන්නෙවත් නැති මනුස්සයෙක්ගෙ අතින් කරදරයක් උනා කියලා. Yun හිටපු තැනම ඉදන් hansoul ව බදාගෙන හුගක් ඇඩුවා.

"yunaa ..මට මුකුත් උනේ නැහැ. නියම වෙලාවට කට්ටිය අපිව හොයාගත්තා. මට මුකුත් උනේ නැහැ.. ඔයාටනේ තුවාල උනේ..."
hansoul මොනවා කිව්වත් yun කරේ තවත් එයාව බදාගෙන අඩන එක.

"යා...කිව්වනෙ අඩන්න එපා කියලා. අනික කොහෙද මේ නැගිටලා යන්න හැදුවෙ .. ඔයාට ඇවිදින්න එපා කිව්වා doctor . "

"mianhae ..මම නිසානෙ ඔයාට එහෙම උනේ.. hansoul .. mianhae "

"හරි.. අඩන්න එපා දැන්.. ඔයා rest කරන්න ඕනෙ.. කෝ බලන්න"

එහෙම කියලා hansoul yun ගෙ මූන අත් දෙකෙන් අල්ලලා උස්සලා ලස්සනට හිනා උනා. ඒ හිනාවට yun ට තේරුනේ එයාගෙ ඔක්කොම ප්‍රශ්න නැතිවෙලා යයි කියලා. yun ටික වෙලාවක් එහෙම්මම හිටියෙ hansoul ගාව ඉදිද්දි එයාට සැනසීමක් දැනුන නිසා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now