Episode 14

280 82 22
                                    

මුලු රෑම hospital එකේ ඉදලා yoongi උදේ උනාට පස්සෙ පාර දිගේ ඇවිදගෙන ගියේ අවසිහියෙන් වගේ.

yoongi ගෙ පවුල දුප්පත් නිසා පුංචි කාලෙ ඉදන්ම yoongi ට හුඟක් ප්‍රශ්න තිබුනා. එයාට කිසිම යාලුවෙක් හිටියෙත් නැහැ. එයාට පොඩි කාලෙ ඉදන්ම උනේ ඉස්කෝලෙ හිටපු ලමයි කියන කියන දේවල් කරන්න.එයාලගෙ වැඩ කාරයෙක් වගේ.

ඒත් දවසක් yoongi ගේ ඉස්කොලෙටම තව ලමයෙක් ආවා. එයා හුඟක් පෝසත්. yoongi හිතුවෙ එයත් අනිත් ලමයි වගේමයි කියලා. ඒත් සිද්ද උනේ ඒකෙ අනිත් පැත්ත. හෝබි හැමදාම අනිත් ලමයිගෙන් yoongi ව බේරගත්තා. හෝබි නිසා yoongi හැමදාම ඉස්කෝලෙ එන්න ආස කරා. කලින් හිතේ තිබුන බය ටිකෙන් ටික නැති උනා.
හෝබි නිසා Yoongi හැම වෙලේම හිනා උනා .
yoongi ගාව තිබුන හැම සතුටු හිතෙන මතකයකම හෝබි හිටියා. ඒ නිසාම hobi ව yoongi ට හුඟක් වටින කෙනෙක් වෙලයි තිබුනෙ.

එක පාරටම තමන්ගෙ යාලුවට කරදරයක් කියලා දැනගත්තහම yoongi හුගක් කලබල උනා.

ඒත් එයාට කරන්න පුලුවන් කිසි දෙයක් තිබුනෙ නැහැ.
.........................................

yoongi දන්නෙම නැතුව හොබිගෙ ගෙදරට ගියා.

දොර ඇරගෙන yoongi කාමරේටම ගිහාම බිම ගෑවිලා තිබුන ලේ දැකලා කොල්ලට තවත් ඇඩුනා.

"හෝබි...උබ කොහෙද ඉන්නෙ... මම මොකද්ද දැන් කරන්නෙ.. "

"මෙහෙම වෙනවා කියලා දන්නවනම් මම කවදාවත් උබට තනියම ඉන්න දෙන්නෑ"

"mianhae hobii..😩..මට උබව බේරගන්න බැරි උනා..ඒත් මම උබව කොහොමහරි බේරගන්නවා..උබට මුකුත් වෙන්නෑ..මම උබට මැරෙන්න දෙන්නෑ.. "

yoongi බිම ඉදගෙන හුගක් දුකෙන් ඇඩුවා.
පුංචි කාලෙ ඉදන්ම එකට හිනා උන හැටි, එකට අඩපු හැටි, එකට කරපු පිස්සු වැඩ මේ හැම දෙයක්ම yoongi ට මතක් වෙද්දි කෑගහලා අඩන්න තරම් දුකක් දැනුනා.

ටික වෙලාවකට පස්සෙ yoongi එතනින් නැගිට්ටෙ කාමරේ ආයෙ තිබුන විදිහටම අස් කරන්න කියලා හිතාගෙන.

yoongi බිම වැටිලා තිබුන පොත්,ඇදුම් වගේ ඒවා ආයෙත් තිබ්බ තැනිම්ම පිලිවෙලට තිබ්බා.

හෝබිගෙ මේසෙ උඩ තිබුන දෙන්න⁣ එකට ඉදන් ගත්ත Photo එකක් දිහා ටික වෙලාවක් ⁣yoongi බලාගෙන් හිටියෙ කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now