yunmin දෙන්නම එදා රෑ hospital එකෙන් ඇවිල්ලා පාර දිගේ අරමුනක් නැතුව ඔහේ ඇවිදගෙන ගියා. Jimin ගෙ තුවාල උන අතම බෙහෙත් දාලා තිබුනෙ. yun jimin ගෙ අතින්වත් අල්ලන්නැතුව පරිස්සම් උනේ වෙනදා වගේ අතේ එල්ලුනොත් jimin ට රිදෙන නිසා.
දෙන්නම මෙහෙම ඇවිදගෙන ඇවිල්ලා නතර උනේ jimin ගෙ ගෙදර ලග.
"තාම අඩනවද?"
jimin yun ව අතින් ඇදලා අරන් ලන් කරගන්න ගමන් ඇහුවා.yun උත්තරයක් නොදී ගේ දිහා බලන් හිටියෙ ඇයි මෙහෙ ආවෙ කියලා අහන්න වගේ.
"මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා"
එහෙම කියලා jimin yun වත් ඇදගෙන ගේ ඇතුලට ගියා. ගෙදර ඇතුලටම ගිහිල්ලා jimin නතර උනේ දොරක් ගාව. එතන නැවතිලා jimin yun ගෙ මූන දිහා හැරිලා බලලා ලස්සනට හිනා වුනා.yun ඇස් දෙකත් ලොකු කරන් jimin ගෙ මූන දිහා බලන් හිටියෙ කොහෙද එක්කන් යන්නෙ කියලා දන්නෙ නැතුව.
ඒ එක්කම jimin දොර ඇරගෙන ඇතුලට ගියා.
කාමරේ ඇතුලෙ ටිකක් අදුරුවෙලා තිබුනෙ. jimin yun ගෙ අතින් අල්ලගෙන කාමරේ ඉස්සරහටම යද්දි yun දැක්කා මේසයක් උඩ ලස්සනට තියපු photos දෙකක්."අම්මා , තාත්තා , මේ ඉන්නෙ so yun .
yuna ,මේ මගෙ අම්මයි තාත්තයි. ඔයා කලින් දැකලා නෑනෙ"jimin ලස්සනට හිනාවෙලා එහෙම අහද්දි yun දන්නෙම නැතුව ඇස් වලින් කදුලු එන්න ගත්තා.
jimin මෙච්චර කාලයක් කොච්චර තනි වෙලා හිටියද කියලා කෙල්ලට ඒ වෙලාවෙ හොදටම තෙරුනා. Jimin කවදාවත් කාටවත් තමන් කොච්චර තනිවෙලාද කියලා කියන්න නැතුව ඇති. අම්ම තාත්තා නැති අනාතයෙක් දිහා මුලු ලෝකෙම බලපු හැටි කවුරුත් දැනගෙන ඉන්න නැතුව ඇති. ඒත් එයාව පොඩි කාලයක් ඇතුලත හොදටම තේරුම් ගත්ත කෙනා එක්ක jimin දැන් ඇවිල්ලා ඉන්නෙ පොඩි කාලෙම එයාව දාලා ගිය අම්මයි තාත්තයි ගාවට."අම්මා ,මට මතකයි මම චූටි කාලෙ ඔයා මාව බලාගත්ත විදිහ . ඔයා මට අනතුරක් වෙනවට බය වෙච්ච විදිහ.
yun මාව ඔයා වගේම බලාගන්නවා. එයත් හැමතිස්සෙම ඔයා වගේම මං ගැන බය වෙනවා අම්මා.
තාත්තා මාව බලාගත්ත විදිහටම මම yun වත් හොදින් බලාගන්නවා. කවදාවත් එයාව දාලා යන්නෙ නෑ.
ඔය දෙන්නට සතුටුයි නේද ?"
YOU ARE READING
🚫 THE KILLER 🚫
Mystery / Thriller'We serial killers are your sons , we are your husbands, we are everywhere . And there will be more of your children dead tomorrow ' ~Ted Bundy~