Episode 20

259 81 38
                                    

එක පාරටම මූනට වැදුන වතුර පාරක් නිසා jimin ට සිහිය ආවා. තප්පර කීපෙකට පස්සෙ jimin ට මතක් උනා එයාව කට්ටියක් පැහැරගෙන ආවා කියලා. jimin ඇස් දෙක හොදට ඇරලා වටපිට බලද්දි දැක්කෙ ඉස්සරහ තිබුන පුටුවක වාඩිවෙලා නපුරු විදිහට හිනාවෙවී ඉන්න choi ව.
ආපු කේන්තියට jimin එතනින් නැගිටින්න හැදුවත් එයාව කනුවක ගැටගහලා තිබුනෙ හෙල්ලෙන්නවත් බැරි විදිහට.

"හහ්...මම හිතුව තමුසෙ මට මෙහෙම කරයි කියලා.."

jimin කේන්තියෙන් කිව්වා.

"තමුන් මගෙ පුතාව මැරුවා වගේම මම අද තමුන්ව ඉවරයක් කරනවා. ඊට පස්සෙ තමුසෙගෙ අර මහ ලොකු කෙල්ලවත් මරනවා. ඒකිව බේරගන්නනෙ තමුසෙ මගෙ පුතාට ගැහුවෙ."

"මම ඔහේගෙ පුතෙක්ව මැරුවෙ නෑ ඕයි... තමුසෙගෙ පුතා හරි හොද එකෙක් කියලද හිතන් ඉන්නෙ . "
jimin කේන්තියෙන් කෑ ගැහුවෙ ඇස් දෙකත් රතු කරගෙන.

"උබට හරි අමාරුයි නේද අර කොහෙවත් යන කෙල්ල ගැන කියද්දි. මම ඒකිව මරන්නෙ මගෙ පුතාට ඕනෙ කරපු විදිහට. ඒකිව මම විනාස කරනවා. උබටත් බලන්න පුලුවන්."

එහෙම කියලා choi jimin ගාවට ගිහින් jimin ගෙ බෙල්ලෙන් තදින් අල්ල ගත්තෙ හුස්ම ගන්න අමාරු වෙන විදිහට.

choi එහෙම දෙයක් කියද්දි jimin ට කේන්තිය වැඩා කමටම දැනුනා ඇග හරහා current එකක් යනවා වගේ. jimin කවදාවත් මේ තරම් කේන්ති අරන් තිබ්බෙ නැහැ. එයාට කේන්ති ගන්න හේතුවක් තිබුනෙත් නැහැ. ඒ එයාට තවත් නැති වෙන්න කියලා දෙයක් තිබුනෙ නැති නිසා. jimin ට තරහක් ඇති උනා නම් ඒ ඇති උන එකම දේ තමයි තාත්තාව මරපු කෙනා.
ඒත yun ව හම්බුනාට පස්සෙ jimin yun ට හිරිහැරයක් වෙන හැමදේකටම වෛර කරා. ඒ හැමදේකින්ම yun ව බේරගත්තා yun දැනුවත්ව හෝ නොදැනුවත්ව . jimin සෑහෙන කාලයක් yun ට ආදරේ කරා කවුරුත් නොදැනුවත්වම .

choi ඒ වෙලාවෙ කිව්ව දේ නිසා jimin ගේ ඉවසීම නැතිම වෙලා ගියේ jimin නොදැනුවත්වම එයාගෙ ඇගට අමුතු ශක්තියක් එන ගමන්. jimin වියරුවෙන් වගේ කෑ ගගහා දැගලුවෙ අත් දෙක බැදලා තිබ්බ ලනු ලිහාගන්න. ඒ ලනු වලට jimin ගෙ අත් දෙකත් කැපිලා ලේ එන්න ගත්තත් jiminට පුලුවන් උනා ඒවා ලෙහා ගන්න.

🚫 THE KILLER 🚫Where stories live. Discover now