Episode 28

237 68 14
                                    

yun ඒ වෙලාවෙම taehyung එක්ක යන්න පිටත් උනා. jimin දුන්න location එකට දෙන්නම ඇවිදගෙන ගියේ එතනට වැඩිය දුරක් තිබුනෙ නැති නිසා.

"Yun,"

taehyung කතාකරන්න පටන් ගත්තා .

"හ්ම්...."

"ඔයාට sure ද so joon කියන්නෙ හොද මනුස්සයෙක් කියලා?"

"මොකක්?!? ඇයි එහෙම අහන්නෙ?"

"නෑ නිකන්.. මට නම් ඒ මනුස්සයව වැඩිය අල්ලන්නෑ"

"🤣ඕක hansoul ට ඇහෙන්න නම් කියන්න එපා. ගුටි කන්න වෙන්නෙ. "

"ඒ ඇයි?"

"කෙල්ල sir ව දැක්ක ගමන් කට දෙපැත්තෙන් පැනි බේරෙනවා. වශී වෙලා ඉන්නෙ"

"යා...  තමුසෙ එක්ක බෑනේ.. විහිලු නෙමේ . මම serious ප්‍රශ්නයක් ඇහුවෙ."

"හරි ඉතින්... ම්.... මට නම් එහෙම දෙයක් දැනිලා නෑ. අනික එයා jimin වත් දන්නවනේ. ඒ කියන්නෙ හොද ඇති. එයා jimin ගැනත් හුගක් හොයලා බලනවා."

"ඒකම තමයි මට තියන ප්‍රශ්නෙ "

"ඇයි.. ඒක කොහොමද ප්‍රශ්නයක් වෙන්නෙ"

"නෑ නෑ.. බලමු⁣ෙකා.. සමහරවිට මම වැරදි ඇති."

දෙන්නම මෙහෙම කතා කර කර පාර දිගේ ඇවිදගෙන ගියා.

"අන්න තියනවා ගෙදර.  ඇයි දන්නෑ මේ හරියෙ මෙච්චර පාලු . බල්ලෙක්වත් නෑ."

"හ්ම්...ඒක තමයි"

එයාලා හිටගෙන හිටපු තැනට එහායින් ලොකු ගෙදරක් තිබ්බා. බැලූ බැල්මට ඒක හුගක් පරන ගෙදරක්. ඒක ටිකක් වෙනස් විදිහට හදපු එකක්.

 ඒක ටිකක් වෙනස් විදිහට හදපු එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මේකනම් හොල්මන් මන්දිරයක්.. අපි මේක ඇතුලට යන්නම ඕනෙද?"

taehyung පාර පැනලා ඉක්මනට ගේ ඇතුලට යන්න හදද්දිම yun කෑ ගැහුවා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now