Episode 12

282 89 53
                                    

Jimin ගියාට පස්සෙ yun ගේ ඇතුලට ගියේ මූනෙ පොඩි හිනාවකුත් එක්ක.

"ආව් අව්......කෙල්ලගෙ මූනේ හිනාව..ඔන්න කට දෙපැත්තේ පැනි බේරෙනවා.."🤣

"මොකෝ ආව් ආව් ගාන්නෙ ..කඩි කනවද?"

"නෑ නෑ..🤣 මම කියන්නෑ කාවද කඩි කන්නෙ කියලා."

hansoul ගෙ විහිළු වලට හිනාවෙවීම yun කාමරේට ගියා.

ටික වෙලාවකට පස්සෙ එක පාරටම ගෙදර lights off උනත් දෙන්නම පුදුම උනේ නැත්තෙ ඒක ඉදලා හිටලා වෙන දෙයක් නිසා.

"shit..මේ කබල් ගෙදර හැම තිස්සෙම ලයිට් යනවා...hansool...ඔයා කොහෙදෝ.."

"මම කාමරේ...phone එකක්වත් අතට අහුවෙන්නෑ මේ හදිස්සියට"

"කුස්සියෙ torch එක"

"අහ්..ඉන්න මම ගන්නං"

ටික වෙලාවක් yun ඉන්න තැනම හිටියෙ hansoul ගිහිල්ලා torch එක අරගෙන එනකන්.
ඒත් විනාඩි දහයක් විතර  බලාගෙන හිටියත් යාලුවගෙ සද්දයක්වත් ඇහුනෙ නැති නිසා yun ටිකක් විතර බය උනා.

"hansool..කෝ ඔයා.."

....................................

"කතාකරනවකො.. මේ විහිළු කරන්න එපා.."

................................

"මේ වෙලාවටම තම⁣ා ඉපදුන දවසෙ ඉදන් බලපු ඔක්කොම හොල්මන් film මතක් වෙන්නෙ....😥..."

"මනුස්සයො කතා කරනවකො ..තමුසෙ මාව මේ කලුවරේ තනියම දාලා කොහෙද ගියේ?"

යාලුවගෙන් තාමත් උත්තරයක් නැති නිසා yun ට තේරුනා මොකක්හරි දෙයක් වෙලා කියලා.

"soo..l.....ඔ..ඔයා..."

එකතොටම කුස්සිය පැත්තෙන් වීදුරු බඩුවක් බිදෙන සද්දයක් ඇහුනා. yun කුස්සියට දුවගෙන ගියේ තමන්ගෙ යාලුවට  කරදරයක් කියලා තේරුන නිසා.

කුස්සියට ගිහාම දැක්ක දෙයින් yun හුඟක් බය උනා.

හමේ පාටට වෙස් මූනක් දාගත්තු මනුස්සයෙක් hansoul ගෙ බෙල්ලට පිහියකුත් තියාගෙන අතෙන් කටත් වහගෙන හිටියා.

"කෑ ගහන්න හැදුවොත් මේකිව මෙතනම මරලා දානවා"

soul ගෙ බෙල්ලට පිහිය තවත් තද කරන ගමන්ම ඔහු කිව්වා.
yun කරගන්න දෙයක් නැතුව අසරන උනා. තමන්ගෙ හොදම යාලුවට මෙහෙම මැරෙන්න දෙන්න බැරි නිසා yun හෙලවෙන්නෙවත් නැතුව හිටියා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now