Episode 18

255 78 12
                                    

එදා party එකේ සිද්ද උන දේ නිසා minho පිස්සුවෙන් වගේ හිටියෙ. ලැබෙන පලවෙනි අවස්ථාවෙම jimin ව මරනවා කියලා හිතාගෙන හිටියෙ. ඒ දවසෙ රෑ min ho තනියමම club එකකට ගියේ තරහා වැඩි කමට club එකේදි හොදටම බීලා එලියට එද්දි minho ට ඇවිදගන්නවත් පනක් තිබ්බෙ නැහැ. ඒත් අමාරුවෙන් වැනි වැනි minho පාර දිගේ ඇවිදන් ආවෙ තව බෝතලේකුත් අතේ තියාගෙන.
එක පාරටම minho ව බිම ඇදගෙන වැටුනෙ ඉස්සරහින් ආපු කෙනෙක්ගෙ ඇගේ හයියෙන් හැප්පිලා.
........................................................................

ඇස් ඇරලා බලනකොට minho හිටියෙ හුරු නැති තැනක. minho ට මතක් උනා කලින් දවසෙ රෑ හොදටම බීලා පාරෙ වැනි වැනි ඇවිදන් ගිය විදිහ. එක පාරටම ඔලුව රිදෙන්න ගත්ත නිසා ඔලුව අල්ලන්න හැදුවත් අත් දෙක හොලවන්නවත් බැරි උනා.
minho ට තේරුනා තමන්ගෙ අත් කකුල් ගැට ගහලා තියෙන්නෙ කියලා. Min ho හුගක් බය උනේ කවදාවත් එහෙම දෙයක් වෙලා නැති නිසා

වටපිට බලනවත් එක්කම දැකපු දෙයින් minho හොදටම බය වෙලා කෑ ගහන්න ගත්තා. තමන් හිටපු තැන වටේටම තිබුනෙ ලේ පෙරෙන මල සිරුරු.

"මම මේ...කොහෙද ඉන්නෙ...කවුරුහරි ඉන්නවද...මට ගෙදර යන්න ඕනෙ.."

minho පොඩි ලමයෙක් වගේ කෑ ගහන්න ගත්තා.ඒත් එක්කම වෙස මූනක් දාගත්ත මනුස්සයෙක් එතනට ආවෙ අතේ තිබ්බ ලේ රෙදි කෑල්ලකින් පිහින ගමන්.
ඒ මනුස්සයාව දැක්ක ගමන් minho තවත් කෑ ගැහුවා.

"ම⁣ට යන්න දීපං...තමුන් දන්නවද මම කවුද කියලා..මගෙ තාත්තා ඇවිත් තමුන්ව මරන්න කලින් මට යන්න දීපං.."

minho එහෙම කිව්වට පස්සෙ ඒක අහගෙන හිටපු මනුස්සයා හයියෙන් හිනාවෙන්න ගත්තා.

"කට වහගෙන හිටියෙ නැත්තන් ඉක්මනට පරලොව යන්න පුලුවන්"

ලග තිබුන පිහියක් minho ගෙ කටේ තියලා එහෙම කිව්වට පස්සෙ minho තවත් බය වෙලා කෑ ගහන්න ගත්තා.

"jimin...jimin නේද මේක කරන්න කිව්වෙ ..කියනවා...ඌ තමයි...මට විස්වාසයි...කියපං...jimin නේද...නැත්තං අර so yun කියන එකීද?"

ඒ නම ඇහුන ගමන්ම මනුස්සයා කර කර හිටපු වැඩේ නවත්තලා minho ගාවට ඇවිල්ලා පිහිය minho ගෙ බෙල්ලෙන් ටිකක් තද කරලා තිබ්බා.

🚫 THE KILLER 🚫Where stories live. Discover now