💔😈01😈💔

1.6K 180 22
                                    

Black heart's place

..Jacky pov..

අද මං වගේම මගේ මල්ලී සූබින්, මගේ ලීනා ජීවත් වෙනව නම් ජීවත් වෙන්නෙ එයා නිසා..අපේ යූනා..අපිට ජීවිතේ දුන්නු එයා අපිව මේ ලෝකේ තනිකරලා දාලා ගිහිල්ලා හෙටට අවුරුදු තුනක්..ඒ කාලකන්ණියා අපේ යූනා අපෙන් ඈත් කරලා හෙටට අවුරුදු තුනක්..ඒත්..ඒත් කොච්චර උත්සාහ කරත් අපිට තවමත් ඒ ජරා මිනිහාව ඉවරයක් කර ගන්න බැරි වුනා..

" නූනා මං ඇතුලට එන්නද.."

මගේ කැබින් එකෙ ඩෝ එක ලගින් ඇහුන කටහඩ නිසා මගේ ඇස් වල තිබ්බ කදුලු මං පිහදාගත්තේ කවුරුත් මං අඩනවා දකිනවට මං අකමැති වුන නිසා..

" එන්න.."

" නූනා පොඩි ප්‍රශ්නයක්.."

" Soo මං තමුන්ට කියලා තියනවා ගැන්ග් එකේ වැඩ කරන වෙලාවට මං තමුන්ගේ නූනා නෙවේ මං තමුන්ගේ බොස් කියලා.."

" I'm sorry ජැකී.."

" මොකද්ද ප්‍රශ්නේ.."

" ඩේව් ඉන්න තැන හොයා ගත්තා.."

" වාව් soo ඔයා ගොඩාක් වේගවත් වෙලානේ..ඉතින් කොහෙද ඒ මිනිහා හැංගිලා ඉන්නේ.."

" Bulletproof ලා එක්ක මිනිහා ඉන්නේ.."

" මොනවා.."

සූබින් කීවෙ bulletproof gang එක ගැන..මෙච්චරකල් අපිට අල්ලන්න තියා හිතන්නවත් බැරි වුන ඒ ගැන්ග් එක..මං ඉදන් හිටපු තැනින් නැගිට්ටුනේ අපේ ප්‍රශ්නේට Bulletproof ලා සම්බන්ධ වුන එක ඇගට ගුණ නෑ කියලා මං හොදටම දන්න නිසා..

" SOO යනවා ඉක්මනට නෝවාටයි YJ ටයි කැබින් එකට එන්න කියනවා.."

අවුරුද්දක් හොයලත් අපිට මේ මිනිහාව හොයා ගන්න බැරි වුනේ එහෙනම් bulletproof ලා නිසා තමා..හිතට ආපු කේන්තිය නිසාම ටේබල් එක උඩ තිබ්බ වතුර කෝප්පේ මං පොලේ ගැහුවේ මගේ කේන්තිය පාලනය කර ගන්න බැරි වුන නිසා..

..NOVA POV..

SOO එක පාරටම ඇවිත් මටයි YJ ටයි ජැකී කැබින් එකට එන්නයි කීවා කියලා කිවාම මමයි YJ යි ඉක්මනට කැබින් එකට ගියේ එයා අපි දෙන්නට එකටම එන්න කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුනාම විතරයි කියලා අපි දන්න නිසා..මං කැබින් එකටම යනකොට ජැකී වතුර කෝප්පයක් පොලේ ගැහුවේ මමයි YJයි දෙන්නම බය කරන ගමන්..එයා ගොඩාක් කේන්තියෙන් හිටපු නිසා මං එයා ලගට ගියේ එයාව සන්සුන් කරන්න පුලුවන් එකම කෙනා මං විතරක් වෙන නිසා..

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now