💔😈23😈💔

715 132 69
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

" ඔයා......ප්ලීස් මාව බිමින් තියන්න...."

" කියන දෙයක් නම් අහලා පුරුද්දක් ඇත්තෙම නැ නේද....."

" .........."

" කීවා නේද ටික දවසක් යනකල් ඇවිදින්න එපා කියලා....ඉක්මනට හොද වෙන්න ඕන නෑ වගේ....."

ජින් එක පාරටම ඇවිත් මාවත් උස්සගෙන මට බැන බැන මාව අපේ රූම් එක පැත්තට අරගෙන ගියා..

" ජින් මාව බිමින් තියන්න....නම්ජූන් ඇතුලේ ඇති....එයා දැක්කොත් හරි නැහැනේ......"

" එයා තමා කීවෙ මට ඔයා ගැන බලන්න කියලා....."

" කෝ එයා....."

" එයා පොඩ්ඩක් එලියට ගියා....."

" මේ වෙලාවෙ...."

" ඔයාට හංගන්න දෙයක් නෑනේ...එයා ගියේ ගැන්ග් එකේ වැඩකට...."

" හම්ම්...."

ජින් මාව ඇද උඩින් තියලා ශීට් එක පෙරෙව්වා....

" මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද......"

" කියන්න ජින්....."

ජින් පුටුවක් අරගෙන ඇවිත් ඇද ලගින් තියලා වාඩි වුනා...

" හාරා ඔයා වෙනස් වෙලා...."

" මම....."

" ඔව්....වෙනදා ඔයාගේ ඇස් මං ඉස්සරහදි දිලිසෙන විදිහට අද ඔයාගෙ ඇස් දිලිසෙන්නෙ නෑ..අද මං දකිනකොට ඔයාගේ මූනෙ කිසිම හැගීමක් මට පේන්නෙ නෑ....ඒකට හේතුව දන්නවද ඔයා..."

" හේතුවක් නෑ ජින්....."

" නෑ හාරා තියෙනවා...මං දැක්කා ඔයාගෙ ඇස් නම්ජුන් ඉස්සරහදි වෙනස් වෙන විදිය....නම්ජූන්ගේ එක ස්පරශයක් නිසා ඔයාගේ ඔය මූන ලැජ්ජාවෙන් රතු වෙන විදිය...වෙනදා මුරණ්ඩුකමින් පිරුනු ඔය හිත නම්ජූන්ගේ කටහඩින් සන්සුන් වෙන විදිය...ඔයා තවමත් කියන්නේ ඔයාගේ ඔය වෙනසට හේතුවක් නෑ කියලද....."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now