💔😈20😈💔

756 126 78
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------

.....Jacky pov.....

" 🔥 ජැකී තමුසෙට කොහොමද මගෙ මල්ලිව මගෙ ඉස්සර මරලා දාන්න තරම් හයියක් ආවෙ ආ......"

මොකක් මගේ මල්ලි කියලද වූබින් දැන් කීවෙ...ඒ කියන්නෙ වූබින් ඩෙව්ගේ හ්‍යුන්ග්ද...මොනවද වෙන්නෙ ඒත් වූබින් මට කිවා නේ ඩේව්ගෙන් පලි ගන්න මට උදව් කරනවා කියලා...එක නිසාමනේ මමයි නොවායි මාෆියාවට එකතු වුනේ...මං ආපහු හැරුනේ වූබින් දිහාට...වුබින් මහ හයියෙන් හිනා වෙනවා...මට කිසිම දෙයක් හිතා ගන්න බෑ...

" 🔥 ජැකී ඔයාට ගොඩාක් ප්‍රශ්න තියෙයි වගේ නේද මගෙන් අහන්න...හරි කෙල්ලෙ මං මේ හැම දෙයක්ම පැහැදිලි කරන්නම්...මං දන්නවා මගේ නම්ජූන් සහොදරයටත් ගොඩාක් ප්‍රශ්න ඇති මගෙන් අහන්න....."

" 👾 බොස් මොනවද මේ කියන්නේ.....ඩේව් කියන්නෙ ඔයාගෙ කවුද......."

" 🔥 ඩෙව් කියන්නෙ මගේ එක කුස උපන් සහොදරයා ජැකී...මගේ මල්ලි......"

" 👾 එත් ඔයා එදා මට පොරොන්දු වුනා ඩෙව් මරන්න උදව් කරනවා කියලා......"

" 🔥 ඔහ් ඒකත් ඇත්තනේ...කතාවක් අහලා තියද පොරොන්දු තියෙන්නේ කඩ වෙන්න කියලා.....ඉතින් මේකත් කවදාහරි කඩ කරන්න හිතන් දීපු පොරොන්දුවක්....ජැකී ඔයා මගේ උගුලට අහුවුනා...."

" 👾 තමුසේ මහා තිරිසනෙක් වූබින්...😡....."

මං වුබින්ගේ කොලර් එකෙන් අල්ලන් කෑ ගැහුවෙ මට දැනුන කේන්තිය නිසාමයි...වුබින් මාව පිටි පස්සට තල්ලු කරනවත් එක්කම නම්ජූන් ඇවිත් මාව අල්ලගත්තා...

" 🔥 ජැකී තමුසෙ අමතක කරන්න එපා මං තමුසෙගෙ බොස් කියන එක...අනික මට තව කියන්න දේවල් තියනවා...මට ඒවා කියන්න දෙනවා....."

නම්ජූන් මාව අල්ලන් හිටපු නිසා මට වූබින් ලගට යන්න බැරි වුනා...නම්ජූන් මං දිහා බලන් හිටපු විදියෙන් මට තෙරුනේ වුබින් කියන දෙවල් අහන්න කියනවා වගේ...එතකොට නම්ජුන්ටත් මෙවට සම්බන්ධයක් ඇතිද...

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now