💔😈08😈💔

834 129 31
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------
එයා මං ලගට එනවා...ඒ ඇස් මගෙ ඇස් එක්ක මොනවදෝ කියනවා...නැහැ හැගීම් වලට ඉඩ දෙන්න බෑ...මං සාමන්‍ය ගෑණු ළමයෙක් නෙවෙ..මම Black hearts ලගේ නෝවා...ඇති ඔප්පා නවත්තන්න මාව තවත් අසරණ කරන්න එපා...හරියට වචනයක්වත් කතා නොකරන ඔයාට බෑ මාව මේ විදියට ආදරයක් නිසා අසරණ කරන්න...

......V pov.....

මට දැනුනේ මාව ලීනාගේ ලගට ඇදිලා යනවා වගේ...එයාගේ ඇස් වලින් මාව එයා ලගට ඇදලා ගන්නවා වගේ...මට එයා ලගට යන්න ඕන නෑ...ඒත් ඇයි මාට මාව පාලනය කරගන්න බැරි...නවතිනවා තේහියුන්ග් මොකද්ද මේ කරන විකාර වැඩේ තෙරුම... පිස්සෙක් වගේ ආදරේ කරන්නත් කලින් ආදරෙන් අන්ධ වෙන්නද යන්නෙ...ඇයි මේ මගේ මොලේ කියන දේ මගේ හදවත ගනන් නොගෙන ඉන්නේ...

මං ලීනා ලගටම ගියා...එයා බය වෙලා...නෑ එයා පුදුම වෙලා...ඒ ඇස් දිලිසෙනවා...එයාගේ කම්මුල් රෝසම රෝස පාටයි...මට ඕන ඒ කම්මුල් වලට පුංචි හාදුවක් දෙන්න...ඒත් මං කොහොමද එහෙම කරන්නේ....

" හායි ඔප්පා....ඇයි මොනවා හරි ඕනද......"

මං කතා කරන්නත් කලින් ලීනා කතා කර...එයා මගෙන් මොනාහරි ඕනද ඇහුවා...ඔව් ලීනා මට ඕන ඔයාගේ ආදරේ....මට ඕන ඔයාගේ වෙන්න...මං මේ දේ ඉල්ලුවොත් ඔයා දෙනවද...සමහරක් විට මං ඔයාගේ ආදරේ ඉල්ලුවොත් ඔයා මට ඔයාගේ ආදරේ දෙයි... ඒත් මට පුලුවන්ද ඔයාට ආදරේ කරන්න සාමන්‍ය ආදරවන්තයෙක් වගේ...නෑ ලීනා මට බෑ...මං එක ජිවිතයක් ගත කරාට මට තියෙන්නේ චරිත දෙකක්...ඉතින් මං වගේ මිනිහෙක් ඔයා භාර ගන්නවද...නෑ ලීනා ඔයාට මට ඕන දේ දෙන්න බෑ කවදාවත්...එහෙම දුන්නත් මට ඒක භාර ගන්නත් බෑ....

" ඔප්පා මට කෝල් එකක්....විනාඩි පහක් ඉන්න......"

එයාට කෝල් එකක් ආව නිසා එයා ගියා...තවමත් මං ගොලුවෙක් වගේ එයා යන දිහා බලන් ඉන්නවා...එයා කොහොමද මේ තරම් ලේසියෙන් මගේ හැගීම් අවුස්සන්නෙ...ආ....ශ් පිස්සු හැදෙයි වගේ මෙහෙම ගියොත්....😣😣

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now