💔😈27😈💔

693 134 79
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

Beomgyu 👼
------------------------------------------------------------
" ආහ්.........."

" ටේ මොකද වුනේ........"

ටේට තුවාල වෙලා කියලා මට තෙරුනේ එයා බඩ හරියට තියන් හිටපු අතේ ඇගිලි අස්සෙන් ලේ ගලනකොට....සිද්ධ වුනේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරි වුන නිසා මං ටේ ලගින්ම දන ගහගත්තා....

" ශූට්........"

" ම්.......මොකක්......."

මට ටේ කියපු දේ එක පාරටම තෙරුනේ නැතත් එයා එයාගේ ඉනේ තිබුන ගන් එක අරන් මගේ අත උඩින් තියලා අපිව පහු කරන් යන වාහනේ දිහා බලනකොට නම් මට ටේ කියපු දේ තේරුනා....මං ටේ දුන්න ගන් එකත් අරන් නැගිටලා අපිව පහු කරන් යන වාහනේ එක රෝදෙකට ශූට් කරා.....ඒත් එක්කම ඒ වාහනේ පෙරලුනේ එක රොදයකට වෙඩි වැදුන නිසා....වාහනේ පෙරලෙනකොටම වාහනේ ඇතුලේ හිටපු මනුස්සයෙක් එලියට විසික් වුනා.....

" ය්....යන්න....උන්......ක්...කවුද ක්......කියලා බ්...බලන්න........."

ටේ මට අමාරුවෙන් වචන ගැට ගහගෙන කියනකොට මං ටේව නැගිට්ටවලා පාර අයිනේ තිබ්බ කනුවකට හේත්තු කරලා ඉන්දෙව්වා....

" ඔයා ඔහොමම ඉන්න ටේ මං ඉක්මනටම එන්නම්......."

මං ටේව එතන දාලා පෙරලිලා තියන වාහනේ ලගට දිව්වෙ මට පුලුවන් තරම් වේගෙන්......වාහනේන් එලියට විසික් වෙලා හිටපු මිනිහාට සිහි නැති වෙලා තිබුන නිසා මං වාහනේ ඇතුලට ඔලුව දලා බැලුවෙ තව ඩ්‍රයිවර්ට ප්‍රශ්නයක් නැද්ද කියලා බලන්න....ඔව් ඌට සිහිය තියනවා...පෙරලිලා තිබුන වාහනේ දොර ඇරලා මං කොහොමහරි ඩ්‍රයිවර්ව එලියට ගත්තා....මාස්ක් එකක් දාලා තිබුන නිසා මට ඒ මනුස්සයාව අදුර ගන්න බැරි වුනා.....මං ඒ මනුස්සයාගේ කොලර් එකෙන් අල්ලලා කෙලින් හිට්ටවලා  එ මිනිහා දාගෙන හිටපු මාස්ක් එක ගලවලා විසික් කරා...මං ඒත් එක්කම මගේ ගන් එක ඒ මිනිහාගෙ ඔලුවෙන් තිබ්බා.......

😈EVIL LOVERS (mafia) (Completed)😈Tempat cerita menjadi hidup. Temukan sekarang