💔😈15😈💔

777 120 59
                                    

RM 🐨

JIN 🐹

JIMIN 🐥

SUGA 🐱

V 🐯

J HOPE 🐴

JK 🐰

JACKY 👾

NOVA💓

SOO 🐺

YJ 🦊

------------------------------------------------------------

....Nova pov.....

ඔව් එ එයා...මං බලාපොරොත්තුවෙන් හිටපු කෙනා තමයි ඒ ඇවිත් ඉන්නේ..

එයා මා එක්ක කතා කරන්න ආපු බව මම දන්න නිසාම මම ගිහින් ටේ ඔප්පා ඉස්සරහින් වාඩි වුනා...

" ඔයා එනකල් මං මෙතන හරියටම විනාඩි හතලිහක් බලන් හිටියා....."

" ඔප්පා මට කෝල් එකක් දිලා ආවනම් මං වෙලාවක් කියනවනේ හරියට....."

" ඔයාට කොල් කරානම් මට මේ ආත්මේ ඔයාව හම්බවෙන්න වෙන්නෙ නෑනේ ලීනා....."

" ඔප්පාට මොනවද කතා කරන්න තියෙන්නේ මාත් එක්ක....."

" ඇයි මේ හදිස්සි...අපි හෙමිහිට කතා කරමු....."

" ඔප්පා මට වැඩ තියනවා....."

" මාත් එක්ක කතා කරනවට වඩා ලොකු වැඩ ඔයාට තියද ලීනා....."

" ඇයි ඔයා ඒ තරම් විශේෂ කෙනෙක්ද....."

මං දන්නවා මගේ හැම වචනයක්ම ඔයාට රිද්දනවා කියලා...එත් මට වෙන කරන්න දෙයක් නෑ ටේ....ඇත්ත දැනකල් මට මේ විදියට මගේ හැගීම් හංගගෙන ඉන්න වෙනවා....මම තවමත් ප්‍රාර්ථනා කරන්නේ ඔයාට Bulletproof gang  එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැති වෙන්න කියලා....

" ලීනා ඔයා කියන්නේ ඔයාට මාව විශේෂ නෑ කියලද......"

" ඔව්....."

" ඔයා කටින් එක දෙයක් කියනකොට ඔයාගෙ ඇස් මට වෙනම කතාවක් කියනවා ලීනා....ඔයා කාවද ඔය රවට්ටන්න හදන්නේ...මාවද එහෙමත් නැත්නම් ඔයාවමද....."

" ඔයාට අහන්න තියන දෙයක් අහලා මෙතනින් යන්න ප්ලීස්....."

" මට මේක කියන්න ලීනා මීට සතියකට කලින් ඔයා මා එක්ක කොච්චර හොදට හිටියද....එත් මොකද්ද මේ එකපාරටම වුනේ...ඇයි මාව මග අරින්නෙ මේ විදියට....."

😈EVIL LOVERS (mafia) (Completed)😈Where stories live. Discover now