12.When He Called You A Third Wheel Infront Of His Ex

594 114 36
                                    

Author Pov

"ජිමින් ඔයා මොනාද ඔච්චර වෙලා කරන්නේ...?!"

ජන්කුක් කෑගැහුවෙ දොරට ගගහා...

"ජියොන් ටිකක් ඉවසන්න බැරිද?!"

ජිමින් කිව්වේ එපා වෙලා වගේ...

Jm Pov

අපි මේ හදීසියෙන් කොහෙද යන්නේ!?අපි මේ යන්නේ ජන්කුක්ගේ EX ව බලන්න...මොකද එයාලා දෙන්නට දෙන්නා මිස් වුනා කියලා....හහ්?!විහිලුවක් වගේනේ ....ජන්කුක්ට මන් ඉදලත් එයාට තාමත් එයාගේ එක්ස්ව ඕන...මට සමහර වෙලාවට හිතෙන්නෙම මන් එයාලා අතර තුන්වෙනියෙක් කියලා....

"ටේ අපි එනකම් බලන් ඉන්නවා ජිමින්!!"

මේ පාරනම් ජන්කුක් කෑගැහුවේ තරහෙන්....

"ෆක් දැට් ටේ..!"

මන් මටම කියාගෙන දොර ඇරියා...

"මෙච්චර වෙලා මක් කලාද?!"

"අහන්න ජන්කුක් මන් මේ ගමන ඕනකමින් නෙවේ එන්නේ ඔයයි මට බලේ කලේ...!!"

කියපු මන් එයාවත් පහු කරන් ගියා...

"කමෝන් ජිමින්..!අපි දෙන්නා ගොඩ කාලෙකින් හම්බුනේ නැ...!"

Author Pov

ඒක ඇහුනගමන් ජිමින් ඇවිදන එක නවත්තලා ජන්කුක් පැත්ත හැරුනා...

"මට මතක විදිහට ඔය දෙන්නා ඊයෙත් මීට් උනා...!!"

ඇස් රෝල් කරපු ජිමින් ජන්කුක් දිහා බලන් කිව්වා...

"ඒත්-"

"මොකුත් කියන්නෙපා!!අපි යන් ටේහියුන් බලන් ඉන්නවා ඇති...!!"

ටේහියුන් කියන වචනේ සමච්චලේට වගේ කියපු එක ඇහුන ජන්කුක් ,

"ජිමින් ඔයාට එන්න බැරිනම්-"

මීට වඩා කියන්න කලින්,

"නවත්තන්න ජන්කුක්...මට ඔයා එක්ක රණ්ඩු කරන්න ඕනනෑ..."

කියලා ජිමින් කිව්වම හෙමීට ඔලුව හොල්ලපු ජන්කුක් පස්සෙන් ජිමිනුත් කා එකට ආවා...

Time Skip

Jm Pov

රෙස්ටූරන්ට් එකට ආවම අපි දැක්කා ටේහියුන් අපිට අතවනනවා...එයාව දැක්ක ගමන් ජන්කුක් දුවලා ගිහින් ටේහියුන්ව තදින් බදාගත්තේ හරියට අවුරුදු ගානකින් හම්බුනේ නෑ වගේ...

ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Kde žijí příběhy. Začni objevovat