24.Its Okay...I'll Just Take The 7th Place

219 29 1
                                    

Author Pov

"නෑ නෑ ඒක අපි මැන්නේ පෙනුමෙන්...මේක මනින්නේ කූල්නස් එකෙන්!!"

ජින් කිව්වම හැමොම හිනාඋනා...ඒක ඇහුනු ජිමින්ගේ ඔලුවට තව එකක් ආවා...

"ඉතින් කෞද කූල් ම ආමි!!!"

ජිමින් ඒක කැගහල ඇහුවේ ආමිස්ලා ඔක්කොම එයාගේ නම කියලා කැගහයි කියල හිතලා..
ඒත් උනේ වෙනම දෙයක්....ආමිස්ලා එකපාර ජන්කුක්ගේ නම කියලා කෑගහද්දි ජිමින් විතරක් නෙවේ ජන්කුකාත් සප්‍රයිස් උනා...
ජිමින් මොකුත් කියන්නත් කලින් ජන්කුක්,

"ජිමින්!"

කියලා කැගැහුවෙ අනික් හැමොම , ආමිස්ලා වගේම අනික් මෙම්බර්ස්ලාත් ජන්කුක්ගේ නම කියල කෑගහද්දි...

"ඔව් ඔව් ජන්කුක් තමා එක වෙන්න ඕනේ!!"

ටේත් කැගහල කිව්වම ජිමින්ට පොඩි දුකක් ආවෙ නැ කියන්න බෑ...
මොකද අනික් මෙම්බර්ස්ලා ජන්කුක්ගේ නම කියලා කැගැහුවට ටේත් එහෙම කරයි කියලා එයා හිතුවෙ නෑ...

"එතකොට ජිමින් ඔයා නෙවෙද කූල්නස් එකෙන් එක?!"

හොස්ට් උනු සෑම් ඇහුවම තමා මෙච්චර වෙලා කටවහන් හිටිය ජිමින් මේ ලෝකෙට ආවේ...

"ආහ් නැ නැ...එයාලා හරි...ජන්කුක් තමා එක වෙන්න ඕනේ!මන් හත්වෙනියා වෙන්නම්!"

හිනාවෙවි බිම බලාගෙනම ජිමින් කිව්වම ජන්කුක් ඔලුව හරවලා එයා දිහා බැලුවේ කෙල ගුලියකුත් ගිලින ගමන්...

After The Show

ශෝ එක ඉවරවෙලා හැමොම කම්පැනි එකට ඇවිත් ඇඳුම් ඔක්කොම මාරු කරන් හැමොම වෙනදා වගේ නිකන් ෆ්‍රී එකේ හිටියා..
ඒත් ජන්කුක්ගේ හිතේම තිබ්බේ අර ජිමින් කලින් කිව්ව එක...

'ජිමින් හියොන් ඒක එච්චර හිතනවද? මන් ඒ දවස් දෙකේම ජිමින් හියොන්ව අන්තිමට රෑන්ක් කලේ එයාව ටීස් කරන්නනෙ...ඒක එදා මන් කිව්වත් එක්ක...ඒත් හියොන් ඒක සීරියස් අරන්ද?ඒත්....."

ජන්කුක් නියපොතුත් හප හප බලන් හිටියේ පුටුවක් උඩ වාඩිවෙලා ෆෝන් එකේ සින්දු අහන ගමන් හෑන්ඩ්ෆ්‍රීත් ගහන් නිදන් ඉන්න ජිමින් දිහා.......එයා ශෝ එක ඉවර වෙලා වෙනදා වගේ කෑගගහ හිටියේ නැ...ඒත් එහෙමයි කියලා එයා ලොකු අවුලකුත් පෙන්නුවේ නෑ....
ඒත් එයා ටේ එක්කවත් ජන්කුක් එක්කවත් අනික් හියොන්ලා එක්කවත් ලොකුවට කතා කලේ නැ....
ටේටත් ඒක එච්චර ගානක් නොගියේ එයා හොබි හියොන් එක්ක හිනාවෙවි කතා කර කර හිටිය හින්දා....

🎉 You've finished reading ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️ 🎉
ᒪɪᴛᴛʟᴇ ᗰᴇᴍᴏʀɪᴇs | ᒎɪᴋᴏᴏᴋ Oɴᴇsʜᴏᴛs | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now