CHAPTER 1

2.8K 353 138
                                    

Ring backtone🎶🎶🎶

"හෙලෝ සුදූ"

"ඔව් අම්මේ... කියන්න" මම අම්මගෙ කෝල් එකට උත්තර දුන්නෙ නිදිමරගාතෙ ඇදෙන් නැගිටින ගමන්.

"හරි ශෝක් තාම නිදිද"

"හී හී... මහන්සී අම්මෙ ටිකක්, යාලුවො ඊයෙ පොඩි party එකක් ලෑස්ති කරලා තිබ්බා මට good bye කියන්න... පිස්සු නටලා නටලා එද්දි ටිකක් රෑ උනා"

Ammi-"හ්ම්ම්... කීයටද සුදූ flight එක"

Me-"අද හවස අම්මෙ"

Ammi-"එතකොට මෙහෙන් land කරද්දි හෙට රෑ වෙයි නේද, තාත්තියි අයියයි එනවා කිව්වා ඔයාව ගන්න airport එකට"

Me-"හරි අම්මෙ"

Ammi-"එහෙනම් මම තියන්නම් සුදූ , පරිස්සමෙන් එන්න"

Me-"හරි අම්මෙ, බුදු සරණයි, ජේසු පිහිටයි"

Ammi-"බුදු සරණයි, ජේසු පිහිටයි"

අම්මගෙ Call එක cut කරලා කාමරෙන් එලියට ගියේ අද අවුරුදු ගානකින් මගෙ රටට ගිහිල්ලා අම්මා,තාත්තා,අයියා,මල්ලි මුනගැහෙන සතුට වගේම අවුරුදු ගානක් ලගින් හිටපු යාලුවො දාලා යන්න වෙන දුකත් හිතේ හිර කරන්. මූන කට සෝදගත්ත මම කෙලින්ම ආවෙ මගෙ room එකට. කලින් දවසෙ ගෙනියන්න ඕන බඩු ඔක්කොම ලෑස්ති කරත් මොනා හරි අමතක වෙලාද බලන්න...

__________________________________________________________

මෙහෙදි(US) මගේම සහෝදරයෝ දෙන්නෙක් වගේ ලගින් හිටපු Nick & Rebekah මාව drop කරන්න airport එකටම ආවා...

Rebekah - "අපි ආයෙත් පුලුවන් තරම් ඉක්මට හම්බෙමු බේබි... කවදාවත් අපි කරපු පිස්සු වැඩ අමතක වෙන්නෙ නෑ... Good bye buddy..."

Me- "අනිවාරෙන්"

ඇස් දෙකේ කදුලු පුරෝගෙන හිටපු Rebekkahව විනාඩියක් විතර මම බදාගෙන හිටියා...

Nick - "ඔන්න ඔන්න ඉතින් ආයෙත් අඩන්න ගත්තනෙ දෙන්නා, Rebekkah මූ ආයෙත් එයි දවසක අනික අපිටත් පුලුවන් නෙ යන්න අයේශ්ව බලන්න..."

Nick එයාගෙ හිතේ තිබ්බ දුක තද කරන් Rebekahගෙ හිත හැදුවා...Nickවත් hug කරලා ඒ දෙන්නට වගේම new york වලටත් සමු දීලා මම Airport එක ඇතුලට ගියේ අවුරුදු ගානකින් මගෙ පවුලෙ අය දකින ආසාවෙන්...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now