CHAPTER 44

382 71 38
                                    

In our room_

Gauraw "හෙට යන්න හිත දෙන්නෙ නැ මැනික"

Me "හම්ම්ම් මටත්"

Gauraw "මෙච්චර දවස් ඔයා එක්කම ඉදලා හෙටින් පස්සෙ ආයෙත් ගෙවල් දෙකට වෙන් උනාම මට පාලු හිතෙයි"

Me "මේ අවුරුද්ද ගෙවෙන්න දීලා මොකක් හරි බලමුද අපි"

Gauraw "ඒ කිව්වෙ මැනික"

Me " Living together යන්න"

Gauraw "marry කරන්න කලින්ම"

Me "ඔව් ඉතින්"

Gauraw "ඒත් මේ අවුරුද්දෙන් බාගයක්වත් ඉවර නෑනෙ තාම, ලොකු කාලයක් ඉතුරුයි" මූනත් හොදටම ඇබුල් කරගෙන මගෙ පපුවටත් ඔලුව තියාගෙන ගෞරව් කියවද්දි මම ආයෙත් මගේ කටහඩ අවදි කරේ එයාගෙ හිසකෙස් අස්සෙන් මගේ ඇගිලිටික යවන ගමන්...

Me "දුකෙන් ඉන්න් එපා මගෙ මැනික බලමුකො අපි මොකක් හරි"

ටික වෙලාවක් කියෝ කියෝ ඉදලා TV එකත් off කරලා මම ආයෙත් ඇදට ආවෙ ගෞරව්ට තුරුල්වෙලාම නින්දට වැටෙන්න හිතාගෙන... ගෞරව්වත් මගේ පපුවට තුරුල් කරගෙන මන් මගේ ඇස් දෙක පියාගෙන කල්පනාවකට වැටුනෙ හෙට Colombo ගියාට පස්සෙ ආයෙත් මෙහෙම මගෙ කොල්ලගෙ තුරුලෙ නින්දට වැටෙන දවස කවදා වෙයිද කියලා හිතින්ම හිතන ගමන්... ඒ හැගීමත් එක්ක මගේ හිත කොනේ තියෙන අමුතුම දුකත් හිතේ හිර කරන්ම මම ටික වෙලාවකින් නින්දට වැටුනා...

______________________________________________

උදෙන්ම නැගිටලා ටික වෙලාවක් අපි දෙන්නා අපේ උනුහුමටම ගුලි වෙලා හිටියෙ, "යන්න බෑ මැනික, තව ටික කාලයක් ඉමු" කියලා කියන්න අපි දෙන්නටම ඕනෙ උනත්, ඒ හැගීම අපේ හිත් අස්සෙම හිර කරන් හිටියෙ සති තුනකටත් වැඩි කාලයක් අපි මෙහෙ ගත කරපු නිසා තවත් කල් ඉන්න කොහොමත්ම ඉඩක් නෑ කියලා අපේ හිත් දන්න නිසයි..

ටික කාලයකටවත් වෙන් නොවී, පැය 24රම එයත් එක්ක ගත කරලා, එයාගෙ තුරුලෙම උදේ නින්දට වැටිලා, උදේට එයාගෙ මූන බලාගෙනම නින්දෙන් ඇහැරිලා මාරම ලස්සනට ගෙවුනු කාලයට අපි ඒ වෙද්දිත් පුදුම විදිහට ඇබ්බැහි වෙලා තිබ්බා... ඒ කාලය තුල අපේ තුරුලෙන් පොඩි කාලයකට උනත් ඈත් වෙන්න ලොකූ ලෝබ කමක් අපේ හිත්වල හැදිලා තිබ්බා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now