CHAPTER 57

295 58 21
                                    

Ruu "ඕයි මම එයාගෙන් ask out කරනවා, I can't bear this anymore"

Next Morning_.

     උදෙන්ම රූගෙන් අපිට call එකක් ලැබුනෙ දවස ඇතුලත රූ මල්ලිගෙන් ask out කරනවා කියලා කියන්නයි, රූගෙ වචන වලින් මට තේරුනේ මම ගෞරව්ගෙන් ask out කරන දවසෙ මගේ හිතේ තිබ්බ බයම තමයි. ඒ නිසා ගෞරවුයි මමයි එකතු වෙලා පුලුවන් තරම් රූගෙ හිත හැදුවා.

Ruu "ඕයි මම කොහොමද අහන්නෙ"

Me "මගෙන් අහන්නෙ ඇයි යකෝ"

Ruu "කියලා දීපන් යකෝ හිතද්දිත් මගෙ හාට් එක ගැලවෙන්න තරම් හයියෙන් ගැහෙනවා"

Gaurww "ඔච්චර nervous වෙන්න එපා බන් උබ එතනදි කලන්තෙ දාලා වැටෙයි"

Ruu "මටත් හිතෙනවා ඒක ආහ්, ඕයි කියහන්කො කොහොමද අහන්නෙ මම"

Me "දැන් මල්ලිට කොච්චර ආදරේද කියපන් බලන්න"

Ruu "කියාගන්න බැරි තරම් ආදරෙයි ඕයි, ඒ ඇස් දිහා බලද්දිත් මට පිස්සු වගේ"

Me "ආව්ව් ආව්ව්ව්, ඉතින් ඕක ඔහොම්මම කියාම්"

Ruu "ඇහ්"

Me "උබට එවෙලෙට හිතට දැනෙන ආදරේ එකපාර කියලා දාහම් මොකුත්ම හිතන්නෙ නැතුව"

Ruu "හ්ම්ම්ම්, කැමති වෙයිද ඕයි"ඒත් එකකම අපිට දැනුනෙ රූගෙ කටහඩේ ලොකූ දුකක් පිරිලා යන විදිහ.

Garuaw "බය වෙන්න එපා බන් අනිවාරෙන් කැමති වෙයි"

Ruu "හ්ම්ම්ම්, ඒත් ඕයි...."

Me "ඒත් මේත් නෑ, පන්ඩිත නොවී ගිහින් අහපන්කො මල්ලිගෙන්"

     රූ කෝල් එක ඉවර කරේ මල්ලිව pick කරන්න යනවා කියලා අපිට කියන ගමන්, කෝල් එක decline කරපු වෙලාවෙ ඉදන් අපේ ගෙදරට යනකන්ම රූගෙන් අපිට මැසේජස් ආවත් ඊටපස්සෙ රූගෙ චැට් එකෙන් කිසිම තොරතුරක් අපිට දකින්න ලැබුනේ නෑ. ඉතින් අපිට හිතුනා දෙන්නා destination යන ගමන් වෙන්න ඇති කියලා.

      කාලය ටික ටික ගත වෙද්දි අපි දෙන්නත් ටිකක් nervous උනේ දෙන්නා මොකක් කරගෙන ඇතිද කියලා අපේ හිත් අපෙන්ම ප්‍රශ්න කරද්දියි. අනිවාරෙන් මල්ලි රූට කැමති වෙනවා කියලා අපි දැනන් හිටියත් අපේ හිත් වල පොඩි නොසන්සුන් ගතියක් තිබුනා. දෙන්නා දවල් පිටත් උනත් හවස පහ පහුවෙනකන්ම අපිට දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන්වත් කෝල් එකක් ලැබුනේ නෑ.

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now