CHAPTER 28

587 105 101
                                    

At Gauraw's House...

Me "එනවා ඉක්නට" මල්ලි කාමරේට ආපු ගමන් මම ක්ශනයෙන් දොර වැහුවා....

Wishu "දැන් මොකෝ කතා කරේ අපිට" අත් දෙකත් බැදන් මේසෙකට හේත්තු වෙන ගමන් විශූ අහද්දි මම එයාට උත්තර දෙන්න පටන් ගත්තෙ කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න...

Me "උබලා තුන්දෙනාට බඩ්ඩක් කියන්න තියෙනවා... හැබැයි මේක ගෞරව් දැනගන්න බෑ, එකෙක් කට හොල්ලන්න බෑ හොදේ"

Malli "හරි හරි ප්‍රොමිස්, දැන් මොකක්ද කියනවකො" කියලා මල්ලි අහද්දි මම මගේ සාක්කුවට අත දාන ගමන් jewellery box එකක් එලියට ගත්තා... ඒත් එක්කම විශූ ටිකක් සද්දෙට කතා කරන්න පටන් ගත්තා...

Wishu "අනේහ්, මම හිතන දේද වෙන්න යන්නෙ, propose කරන්නද හදන්නෙ"

Me "කෑගහන්න එපා වැස්සියෙ" හිනා වෙලා අර box එක ඇරපු මම ඒක wishuge අතට දුන්නා...

Wishu "ඒ මේ දෙක ලස්සනයි ඕයි... කවද්ද හැදෙව්වෙ"

Me "ඊයෙ, මූයි මායි ගිහින් තමා ගත්තෙ" අත් දෙකත් බැදගෙන හිනාවෙවී අපි දිහා බලන් ඉන්න අයියව පෙන්නන ගමන් මම එහෙම කියද්දි විශූ මුදු දෙකෙන් එකක් අතට ගත්තා...

Malli "අඩේ මරු හලෝ, අද දෙනවද??"

Me "නෑ නෑ, අනිද්දා... 8 වෙනිදා දෙන්නෙ"

Wishu "කොහෙදිද"

Me "මට පොඩි ප්ලෑන් එකක් තියෙනවා, Get together එකක් තියමු පොඩි එකක්... උබලා තුන්දෙනයි අපි දෙන්නයි, මගෙ යාලුවො දෙන්නයි එක්ක, ඒකෙදි දෙන්න හිතන් ඉන්නෙ"

Malli "ආහ් එක මරු"

Wishu "මෙහෙ තියමු එහෙනම්, අනිද්දා අම්මත් නැ"

අපි හතරදෙනාම විනාඩි පහක් විතර වැඩ ටික කෙරෙන හැටි කතා උනා... ඒ ඉවර වෙලා ඔක්කොම එක්ක ගෞරව්ගෙ රූම් එකෙන් එලියට ආවා...

__________________________________________________________

Gauraw "සුදූ" මිදුලෙ බෙන්ච් එකට වෙලා මගේ කරට ඔලුව තියන් හද එලියත් එක්ක කලුවර අහස දිහා බලන් ඉන්න ගෞරව් කතා කරද්දි මම මගේ කටහඩ අවදි කරලා එයාට උත්තර දුන්නා... හාත්පස අන්දකාරය දිලිසෙනන් තරු කැට, ලස්සනට පායපු හද, ඒ ඔක්කොමත් එක්ක පරිසරයෙත් තිබ්බෙ පුදුම නිශ්චල ගතියක්...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now