CHAPTER 54

335 62 26
                                    

At a Restaurant_
With Aiya, Malli,Ruu And Wishu_

Ruu "පවුල් ජීවිතේ කොහොමද බන් ඉතින්"

Me "අති සාර්තකයි"

Ruu "අඩෝ ඒනම් මට ඉක්නට මාමෙක් වෙන්න පුලුවන් නේ"

Me "එහෙම දෙයක් නෙමෙයි යකෝ කිව්වෙ, තොපේ හිත් දූශනය වෙලා"

Wishu "පවුල් ජීවිතේ සාර්තක උනාට කමක් නෑ අයියව ගෙදර එවපිය ඉක්මනට"

Me "බෑ හෙට අනිද්දම මම අයියවත් අරන් අතුරුදහන් වෙනවා උබ, එතකොට උබට හුලන්"

       කට්ටියම එක්ක එකතු වෙලා restaurant එකට වෙලා පැයක් විතර ගත කරලා එතනින්ම lunch එකත් අරගෙන අපි ආවෙ CCC එකට. හවස් වෙනකන්ම ඒක ඇතුලෙ ඇවිදලා ඇවිදලා tea time එකට cafe එකකට එද්දි මගේ ඇගට මොකක්දෝ අමුත්තක් දැනෙන්න පටන් අරන් තිබ්බා තිබ්බා. ඒත් මම ඒක වැඩිය ගනන් නොගෙන හිටියෙ කාලෙකින් ඇවිද්ද නිසා වෙන්න ඇති කියලා හිතින් හිතන ගමන්.

      කට්ටිය එක්කම කාලය ගත කරද්දි නොදැනිම හවස පහට ලං වෙලා තිබ්බා. ලාවට අදුර වැටෙන්න පටන් ගද්දි අපි ccc එකෙන් එලියට ආවෙ අයියටයි මල්ලිටයි රූටයිත් සමු දෙන ගමන්. parking එකේ ඉදන් ඔක්කොටම සමු දුන්නට පස්සෙ අයියයි මල්ලියි ආයෙත් අත්තම්මලගෙ ගෙදරට වගේම රූ එයාගෙ ගෙදරට යන්න පිටත් උනා. ඒත් එක්කම ගෞරවුයි විශුයි එක්ක මමත් අපේ car එකට නැග්ගෙ මගේ ඇගට දැනෙන අමාරුව ටික ටික වැඩි වෙනවා කියලා මටම තේරෙද්දි. car එක ඇතුලෙත් රන්ඩු වෙවී කොහොමහරි අපි අපේ ගමනාන්තයට ආවා විශූවත් ගෙදරින් දාලා අම්මත් එක්කත් ටිකක් වෙලා කතාකර කර ඉදලා සුපුරුදු විදිහටම මමයි ගෞරවුයි පිටත් උනේ අපේ ගෙදරට එන්න.

     කාලය ටික ටික ගත වෙලා අපි අපේ ගෙදරට එනවත් එක්කම මට ccc එකේදි දැනෙන්න පටන් ගත්ත අමාරුව ටික ටික වැඩි වෙලා මගෙ ඇගම පන නැති ගතියක් මට ඇතිවෙලා තිබ්බා. කොච්චර අමාරු උනත් මම ඒ අමාරුව ගනන් නොගෙන ඉන්න උත්සහා කරේ ටිකක් රෙස්ට් කරාම මේක අඩු වෙලා යයි කියලා හිතින් හිතන ගමන්.

     ගෙදරට ඇවිත් දොර ඇරලා කෙලින්ම ගෞරව් washroom එකට දුවද්දි මාත් හිනාවෙවී ගිහින් කෙලින්ම couch එකට වැටුනා. මගේ ඇගට දැනෙන අමාරුවත් එක්ක bathroom එකට ගිහින් අත හෝදගෙන එන්නවත් මට පුලුවන් කමක් තිබ්බෙ නෑ. couch එක ලග තිබ්බ hand sanitizer එකෙන් අත් දෙක පිහදාගත්ත මම මගේ t shirt එකත් ගලෝලා අයින් කරේ ඒ දැනෙන අපහසුතාවයත් එක්කමයි. ටික වෙලාවක් couch එකට වෙලා phone එක බලාගෙන ඉද්දි මම දැක්කෙ පඩිපෙල බැහැලා පහලට එන මගෙ චූටි මැනිකව. ඒත් එක්කම මම ඒ දිහාවට අත දික් කරේ එයාට මන් ලගට එන්න කියලා ඉගි කරන ගමන්.  

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now