CHAPTER 16

686 137 25
                                    

(Story එකට ලියන්න තියා හිතට එනවටවත් කැමති නැති මතක ගොඩකින් පිරිච්ච දවසක් ගැන තමයි මේ chapter එකේ සහ ඊලග chapter එකේ තියෙන්නෙ... ඒත් මේ කොටස ලිව්වෙ නැත්තම් කතාව අසම්පූර්ණයි කියලා හිතුන නිසා අපි ඒ දවස ගැනත් ලියන්න හිතුවා... So be careful when you post a comment...)

__________________________________________________________

ගෞරව්ගෙ රස්නෙ හුස්ම මගෙ මූනෙ වදිනවත් එක්කම මම ඇහැරුනා... ඇහැරිලා මම එයාගෙ අහිංසක මූන දිහාම බලන් හිටියා... ඒත් එක්කම මගෙ අත එයාගෙ කම්ම්මුලට යවන ගමන් හරිම ආදරෙන් එයාව ඇහැරෙව්වා...

Me "Good Morning රත්තරන්..."

Gauraw "Good morning වස්තුවෙ" කියන ගමන් ගෞරව් මගෙ නලලට හාදුවක් දුන්නා.... වෙනවදා වගේම අපේ උනුහුමට තුරුල් වෙලා හිටපු අපි ටික වෙලාවකින් ඇදෙන් බැහැලා ගිහින් ෆ්‍රෙශ් වෙලා ආවා... දෙන්නත් එක්කම එකතු වෙලා තේ බීලා breakfast එකත් අරගත්තා... ටිකක් වෙලා ගෞරව්ට තුරුල් වෙලා ඉදලා මම උඩට ආවෙ යාලුවො එක්ක එලියට යන්න ලෑස්ති වෙන්න හිතාගෙන... ගෞරව්ගෙ කබඩ් එක ඇරලා ක්‍රීම් පාට දිග කලිසමකුයි තද කලු ශර්ට් එකකුයි අරන් ඇදලා ශර්ට් එකේ අත්දෙක වැලමිට ගාවට වෙනකන් ගෞරව්ට කියලා නවාගත්තා... ලස්සනට කොන්ඩෙත් පීරලා ඔරලෝසුවකුත් දාලා සපත්තු දෙකත් දාගන්නකන් ගෞරව් ඇද උඩ ඉදගෙන මන් දිහා හරී අහිංසක විදිහට බලන් හිටියා...

මම මගේ කොලර් එක හදන ගමන් ගෞරව්ගෙන් "ලස්සනද" කියලා ඇහුවා...

Gauraw "ගොඩක්"

Me "උබව දාලා යන්න මාරම ලෝබයි වස්තුවෙ"

Gauraw "හරි හරි මැනික ඒකට කමක් නෑ දැන් හොද ලමයා වගේ ගිහිල්ලා එන්ජෝයි කරලා එන්න හරිද" මම ගෞරව් ලගට ගිහිල්ලා එයා ගාවින් ඉදගෙන එයාව කිස් කරලා එයත් එක්කම කාමරෙන් එලියට ආවා... ගෙදරින් එලිය ඇවිල්ලා ආයෙත් ගෞරව්ගෙ නලල කිස් කරපු මම garage එකෙන් ගෞරව්ගෙ බයික් එක එලියට අරගෙන ස්ටාර්ට් කරලා ගෞරව්ට ෆ්ලයින් කිස් එකක් දෙන ගමන් හෝන් එකක් ගහගෙන ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා... වත්තෙන් එලියට බයික් එක ගත්ත මම වත්ත ඇතුලෙ හිටපු ගෞරව්ට අත වනලා මගෙ ගමන එන්න පිටත් උනා... ගෞරව්ගෙ ගෙදරින් ඈතට යනවත් එක්කම හිතාගන්න බැරි තරම් පාලුවක් මට දැනුනා... පලයන් ආයෙත් ගෙදර ගිහිල්ලා උබේ අහිංසකයට තුරුල් වෙයන් කියලා මගෙ හිත කෑගැහුවත් මම ඒක යටපත් කරගත්තෙ පුලුවන් තරම් ඉක්නට එනවනෙ කියල හීතින් මටම කියන ගමන්... පැයක් විතර ඇතුලත මම Colombo city center එකට ආවා... රොහාන්ට කෝල් එකක් දීලා මම එගොල්ලො ඉන්න තැන හොයන් ගියා... මන් යද්දිත් 6 දෙනෙක්ම ඇවිත් හිටියා... අනිත් දෙන්නත් එද්දි විනාඩි 10ක් විතර ගත උනා... කට්ටියම එකතු වෙලා City center එක වටේම ඇවිද්දා, ශොපින් කරා, අලුත් කෑම බීම ට්‍රයි කරා, ගේම්ස් ට්‍රයි කරා අපිට නොදැනිම හවස තුන පහු උනා... අපි ලන්ච් ගන්න restaurant එකකට ආවා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now