CHAPTER 11

855 184 145
                                    

Me "හම්ම්ම්.... තාත්ති I'm Gay" කියනවත් එක්කම මම බිම බලාගත්තා... ඒ තත්පර ගානට, තාත්තිගෙ උත්තරේ මොකක් වෙයිද, අද මට මගෙ ගෞරව්ව නැති වෙයිද, මේකෙන් පස්සෙ මට මොනා වෙයිද වගේ ප්‍රශ්න කන්දරාවක් මගේ හිතේ කැරකෙන්න පටන් ගත්තා... තාත්තගෙ කටහඩ ඇහෙනවත් එක්කම මම තාත්තිට අවදානය දුන්නෙ වචන වලට පෙරලගන්න බැරි තරම් ලොකු බයක් හිතේ හිර කරගෙන...

Thaththi "මන් දන්නව මගෙ පුතේ" තාත්ති කට කොනින් හිනා වෙන ගමන් එහෙම කියද්දි මට මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි උනා... තාත්තිගෙ මූනෙ දුකක්වත් බලාපොරොත්තු කඩවීමක්වත් දකින්න තිබ්බෙ නෑ... හරිම සාමාන්‍ය විදිහට සරලව උත්තර දුන්නා... ඇත්තටම මම බලාපොරොත්තු උනේ නෑ තාත්තිගෙන් එච්චර සරල උත්තරයක් ලැබෙයි කියලා... ඒ උත්තරේ මට ලොකු පුදුමයක් උනා, ඒ පුදුමයත් එක්කම මම මගෙ කටහඩ අවදි කරා...

Me "මොකක්..."

Thaththi "ඔව් පුතේ, කවුද අර ඔයාගෙ new york වල යාලුවා කෝච්චිය වගේ කියවන්නෙ"

Me "Nnn.... Nick තාත්ති" මම වචන පටලෝ පටලෝ තාත්තිට උත්තර දුන්නා...

Thaththi "අපි කලින් new york ආපුවහම ඒ දරුවා ඇවිල්ලා හිටපු වෙලාවෙ පුතාට මතකද මම ඒ දරුවත් එක්ක කතා කර කර හිටියා"

Me "ඔව් තාත්ති මතකයි"

Thaththi " ආන්න ඒ දවසේ ඒ ලමයගෙ කටින් පැන්නා ඔය දේ ගැන"

Me "එහෙනම්............ එහෙනම් ඇයි තාත්ති මගෙන් ඇහුවෙ නැත්තෙ"

Thaththi "ඔයාම මට කියනකන් හිටියෙ පුතේ මම"

Me "එතකොට තාත්ති අකමැති නැද්ද" මම හරිම පුදුමයෙන් තාත්තිගෙන් ඇහුවා...

Thaththi " ඇයි මම අකමැති වෙන්නෙ පුතේ...ඔයා හිතුවද පුතේ ඔයාගෙ තාත්ති එච්චරයි පරන තාලෙ මනුස්සයෙක් කියලා, මම අකමැති වෙන්න ඔයා වැරැද්දක් කරලා නෑනෙ මගෙ පුතේ, Its Okay To Be Gay"

Me "තාත්තිට ඇත්තටම පොඩි දුකක්වත් නැද්ද"

Thaththi "ඇත්තම කිව්වොත් පුතේ දැනගත්ත මුල් දවසෙ නම් මට පොඩි දුකක් දැනුනා, එක හේතුවක් නිසා... ඒ හේතුව දැන් වැඩක් නැහැ මට වටින්නෙ මගෙ පොඩි එකාගෙ සතුට විතරයි...." කියනවත් එක්කම මට දරාගන්න බැරි දුකක් දැනුනා... ජීවිතේ කොච්චර ලස්සන උනත් සමහර අවස්තා තියෙනවා අපිව හිතාගන්න බැරි තත්වෙටම අසරන කරන...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now