CHAPTER 15

884 149 77
                                    

මට දැනුනු තද සීතලත් එක්කම මම මගෙ ඇස් ඇරියා... ඒත් එක්කම මම දැක්කෙ මගෙ හුරතල් කොල්ලෙගෙ අහින්සක මූන... ඒ දැනුනු සීතලත් එක්කම මම ගෞරව්ව මගෙ පපුවට තවත් තදිම් තුරුල් කරගත්තෙ ඊයේ දවසෙ මතකයන් එක්ක ගෞරව්ව මට තවත් ලං වෙලා කියලා දැනෙන ලස්සන හැගීමත් හිතට තද කරන්... ටික වෙලාවකට පියාගත්ත මගෙ ඇස් ආයෙත් අරින ගමන් මම බැලුවෙ පොඩි එකෙක් වගේ මගෙ උනුහුමට ගුලි වෙලා මගෙ පපුව උඩින් ඔලුද තියාගෙන ඉන්න මගෙ අහිංසකයා දිහා... ඒ හුරතල් අහිංසක කම දකිනවත් එක්කම මගේ හැගිම් මටම පාලනය කරගන්න බැරි වුනා මම ගෞරව්ගෙ මුලු මූනම කිස් කරන්න පටන් ගත්තෙ ගෞරව් මාව දාලා යයි වගේ හරිම ලෝබ කමකින්... ටික වෙලාවක් කිස් කරන් යද්දි මට දැනුනෙ ගෞරව් එයාගෙ නින්දෙන් ඇහැරෙනවා කියලා, ඒත් එක්කම මම එයාව කිස් කරන එක නැවැත්තුවා.... එයාගෙ එක අතකින් ඇස් පොඩි කරන ගමන් ගෞරව් කතා කරන්න පටන් ගත්තා...

Gauraw "Good Morning සුදූ..."

Me "Good Morning මගෙ මැනික, සොරි මන් ඔයාගෙ නින්ද කැඩුවා නේද"

Gauraw " කමක් නෑ හැමදාම කන් කරච්චල් එලාම් එකේ සද්දෙත් එක්ක ඇහැරෙනවට වඩා මන් ගොඩක් ආසයි මෙහෙම ඇහැරෙන්න" ගෞරව් එයාගෙ මූන හුරතල් හිනාවකින් පුරෝගන්න ගමන් මට උත්තර දුන්නා...

Me "පිස්සු කෝලම මගෙ" කියන ගමන් මම ගෞරව්ගෙ නලලට තදින් හාදුවක් දුන්නෙ මාරම ආදරේකින් හිත පුරෝගෙන... ඒත් එක්කම ගෞරව් එයාගෙ ඔලුව උස්සලා මගේ මූන දිහා බලනවත් එක්කම කතා කරන්න පටන් ගත්තා...

Gauraw "මට ඔච්චර ආදරේ කරන්න එපා මැනික"

Me "මොකක්ද උනේ ඒපාර"

Gauraw "මම ඔයාගෙ ආදරෙන් පිස්සු වැටිලා ඉන්නෙ රත්තරනෙ... මට හිතාගන්න බෑ ඔයා කොහොමද කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව, අඩුම ගානෙ මුල් දවස්වල මගෙන් ආපිට ආදරයවත් බලාපොරොත්තු වෙන්නෙ නැතුව මෙච්චර ආදරේ කරන්නෙ කොහොමද කියලා..."

Me "මැනික මන් දන්නෙ නෑ සීමාවක් තියන් ආදරේ කරන්න... මගෙ පලවෙනි ආදරෙත් උබ මගෙ අන්තිම ආදරෙත් උබ, මම මගෙ ආදරේ උපරිමෙන්ම ඔයාට දෙනවා ඒ හින්දා මගෙ බූරු පැටියො උදේ පාන්දර මරු කියවන්නැතුව මෙන්න මෙහෙට වෙලා හිටපිය" කියලා මම කිව්වෙ මගෙ ඇගිලි දෙකෙන් ගෞරව්ගෙ නහය මිරිකන ගමන්...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now