CHAPTER 39

350 73 72
                                    

Me "මැනික"

කියන ගමන් මම ගෞරව්ගෙ කරෙන් අල්ලලා හිමීට හොලවන්න පටන් ගත්තා... ටික වෙලාවක් යන ගමන් ගෞරව් ඇහැරුනේ එයාගෙ ඇස් දෙකත් අතින් පොඩිකරන ගමන්...

Gauraw "ආවද මැනික අපි"

Me "නෑ බබා තව වෙලා තියෙනවා, අර බලන්නකො" කියලා මම පිටිපස්සට හැරෙද්දි ගෞරවුත් මාත් එක්කම පිටිපස්සට හැරුනා... ඒත් එක්කම මම දැක්කෙ ගෞරව්ගෙ මූනත් හිනාවකින් පිරිලා යන විදිහ... ටිකක් වෙලා ඒ දෙන්නා දිහා බලන් ඉදලා අපි ඉස්සරහට හැරෙනවත් එක්කම ගෞරව් මගේ පපුව වටෙන් අත දාලා මට තදින් තුරුල් උනා...

Gauraw "අපි දෙන්නා වගේ සුදූ"

Me "ඔව් මටත් දැක්කගමන් මතක් උනේ අපි දෙන්නව"

Gauraw "උන් දෙන්නත්..."

Me "නෑ මැනික රූ එහෙනම් මට අනිරෙන් කියනවා මල්ලි කිව්වෙ නැතත්"

Gauraw "cute බබා උන් දෙන්නා, දෙන්නා couple එක උනා නම් ශෝක්" ඒත් එක්කම මට කට කොනින් හිනාවක් ගියේ මම හිතන දේම මගේ හිතින් හිතලා වගේ ගෞරව් කියද්දියි...

Me "මාත් හිතුවෙ ඕකමයි"

Gauraw "telepathy බබෝ telepathy " කියලා ගෞරව් කියද්දි මම එයාගෙ මූනට ලං වෙලා කම්මුලට දිග හාදුවක් දුන්නා...

Me "අයියේ චුට්ටක් වාහනේ නවත්තලා මේ පැත්ත බලනවකො"

________________________________________

ටික ටික කාලෙ ගත වෙනවත් එක්කම ආයෙත් ගෞරවුයි මායි අපේ තුරුලෙම නින්දට වැටුනා... කොච්චර වෙලා නිදාගත්තද කියලාවත් මතක නැති වෙන තරමටම මගේ නින්ද ගොඩක් ගැබුරු උනා... දැනෙන අමූතුම සීතලත් එක්ක මගේ නින්ද කැඩිලා ගියේ අයියා මට කතාකරන සද්දෙත් එක්කමයි...

Aiya "සුදූ"

අයියා මාව ඇහැරවලා අයියා දොර ඇරගෙන වාහනෙන් බැහැලා ගියා... මම ගෞරව්වත් ඇහැරවලා එයාගෙ අතින් අල්ලගෙන වානනෙන් බහිනවත් එක්කම මම දැක්කෙ කොල පාට තනකොලවලින් වැහිලා තියෙන අපේ hotel garden එක... පායගෙන එන ඉර එලිය, අහසෙන් වැටෙන පිනිබිදු, හාත්පස සීතල එක්ක තියෙන මීදුම ඒ ඔක්කොම එකතුවෙලා පරිසරයෙ තිබ්බෙ පුදුම රෝමාන්තික ගතියක් එක අතක් මගේ හූඩි එකේ සාක්කුවට දාගත්ත මම අනිත් අතින් ගෞරව්ව මගේ ලගට තුරුල් කරගත්තා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now