CHAPTER 25

539 106 118
                                    

Gauraw " හා හදමු"

ඇදට වෙලා තව චුට්ට වෙලාවක් තුරුල් වෙලා ඉදලා වොශ් එකක් දාගෙන දෙන්නත් එක්කම පහලට ආවා... කිචන් එකට ඇවිල්ලා මම බිත්තියට හේත්තු වෙන ගමන් අත් දෙක බැදගත්තෙ ගෞරව් ඒප්‍රන් එක ඇදගන්න දිහා බලාගෙන... ගෞරව්ගෙ ලගට ගිය මම එයාගෙ බෙල්ලට කිස් එකක් දෙන ගමන් ඒප්‍රන් එකේ පටි දෙක මගේ අතට අරගෙන ඒ දෙක එකට ගැටගැහුවා...

Gauraw "මැනික"

Me "ඕහ්"

Gauraw "පොඩි උදව්වක්"

Me "කියන්න බබා"

Gauraw "අර ඩිශස් ටික හෝදලා"

මම සින්ක් එක ගාවට ඇවිත් ගෞරව් කියපු ඩිශස් ටික හෝදලා ආයෙත් ගෞරව් ලගට ආවා... ඩෝ එක අනන ගමන් හිටපු ගෞරව් ලගට මම ඇවිල්ලා එයාගෙ උරහිසින් බෙල්ල තියාගන්න ගමන් ඉන වටේ අත් දෙක ඔතාගත්තා... ඔක්කොම වැඩ ටික ඉවර කරලා රොටී ටිකත් අරන් අපි සාලෙට ආවා... මම ටීවි එක ඔන් කරේ couch එකේ ඉදගන්න ගමන්...

Me "ආ" මම කට අරින ගමන් ගෞරව්ගෙ පැත්තට හැරුනෙ කවන්න කියලා ඉගි කරන ගමන්... ගෞරව් පොඩි පොඩි රොටී කෑලි ලුනුමිරිස් ගාලා මට කවන්න පටන් ගත්තා...

__________________________________________________________

Gauraw "මැනික මොකෝ ඇස් රතු වෙලා" ගෞරව් හිනා වෙන ගමන් එයාගෙ කටහඩ අවදි කරා...

Me "සැරයි බබා"

ගෞරව් ටිකක් සද්දෙන් හිනා වෙන ගමන් ආයෙත් කතාකරන්න පටන් ගත්තා...

Gauraw "Butter ගාලා සීනි දාලා දෙන්නද මෙහෙම සැරයි නම්"

Me "එපා බබා ඕහොම රහයි සැර උනාට"

දෙන්නත් එක්කම කාලා ඉවර වෙලා ආයෙත් සාලෙට ඇවිත් ටීවි එක බලන ගමන් එක එක පිස්සු කියෝ කියෝ හිටියා...

Ringback tone🎶🎶🎶

Gauraw "සුදූ මගෙ cousin vid call එකක් ගන්නවා"

Me "මොන එක්කෙනාද බබා"

Garuaw " අර මම කිව්වෙ ඔයාව introduce කරලා දෙන්න ඕනෙ කියලා... අන්න එයා.... මම Answer කරනවා හොදේ"

Me "හරි බබා"

Gauraw "හායි අක්කී"

+ "අම්මේහ්, කොල්ලව දැක්ක කල්, ලස්සන වෙලා ආහ්"

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now