CHAPTER 35

405 77 88
                                    

Gauraw "Good afternoon බබා" නින්දෙන්ම මට දැනුනෙ ගෞරව් මගේ ඔලුව අත ගාන ගමන් මට කතා කරන විදිහ. ගෞරව් මාව ඇහරවනවා කියලා දන්නවා උනත් එයාගෙ තුරුලට ගුලි වෙලා සනීපෙට නිදාගෙන ඉන්න මට ඇහැරෙන්න කිසි හිතක් තිබ්බෙ නෑ..

Gauraw "ඒයි මැනික, නැගිටින්න" ගෞරව්ගෙ කටහඩත් එක්ක එයාට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතුව මම එයාගෙ අතින් ඇදලා අරන් මගේ පපුවට තුරුල් කරගත්තා...

Gauraw "සුදූ..."

Me "ගුම්මෝනින්"

Gauraw "ගුඩ් මෝනින් නෙමේ බබෝ afternoon නැගිටින්නෙ නැද්ද"

Me "නැගිටින්න බෑ, මේම ඉමු"

කියන ගමන් මම බ්ලැන්කට් එකත් අරගෙන ගෞරව්වත් වැහෙන්නම පොරවගත්තා...

Gauraw "කොච්චර වෙලාද"

Me "දවසම"

Gauraw "පිස්සුද බූරුවො, බඩගිනි නැද්ද"

Me "නෑ, මේම ඉන්නොනෙ"

Gauraw "ඒත් මට බඩගිනීනෙ"

Me "තව චූට්ටක් ඉමු ඒනම්"

Gauraw "But I'm hungry for this" කියන ගමන් ගෞරව් මගේ තොල්පෙති උඩින් එයාගෙ මහපට ඇගිල්ල යවද්දි මම ක්ශනයෙන් මගේ ඇස් දෙක ඇරියා...

Me "Come here"

ගෞරව්ව මගේ ඇග උඩට අරගත්ත මම හිමීන් සිරුවේ එයාගෙ තොල්පෙති සිපගන්න පටන් ගත්තා... ටික වෙලාවක් අපි අපේ තොල්පෙති අතර සෙල්ලම් කරද්දි ගෞරව් එයාගෙ ඇගිල්ලක් මගේ තොල්පෙති උඩින් තියලා එයාගෙ මූන මගේ මූනෙන් එහාට කරගත්තා...

Gauraw "ඔය නැගිට්ටෙ ශෝක් එකට නැගිටින්න බෑ කියපු කෙනා"

ඒත් එක්කම තමයි මටත් තේරුනේ නිදිමරගාතෙ හිටපු මගේ නින්ද පේන මානෙකවත් නෑනේද කියලා...

Me "කට්ටයා"

Gauraw "දැන් නැගිටින්න මහත්තයො"

Me "අනේ"

Gauraw "අනේ නෙමේ නැගිටපිය දවල් වෙලා" කියපු ගෞරව් ආයෙත් මගේ දෙතොල් උඩට දිග පෙක් එකක් දුන්නා... ඒත් එක්කම ඇදෙන් බැහැපු ගෞරව් රැක් එකේ දාලා තිබ්බ මගේ ටවල් එකත් ඇදගත්තෙ මට ඇහැකුත් ගහන ගමන්...

Me "ඒයි ඕක මගේ"

Gauraw "ඔයාගෙ කියන්නෙ කෝමත් මගේ තමා"

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now