CHAPTER 45

344 64 35
                                    

In my car_Passenger seat

Gauraw "බබෝ"

Me "ම්ම්ම්"

Gauraw "ඊයෙ ඇඩුවද, ඇත්ත කියන්න"

Me "හම්ම් ඔව් මැනික, ගෙදරට ගිය ගමන් මොකක්ද වෙලා ගියා මාව, හොදටම ඇඩුනා මටත් නොදැනිම"

Gauraw "හම්ම්, අයියා කිව්ව මට ගෙදර ගිය ගමන් කාමරේට ගියාට පස්සෙ ඔයා එලියට ආවෙ නෑ කියලා"

Me "මට බෑ මැනික ඔයා නැතුව, මාරම පාලුයි හෙන හිස් කමක් දැනෙනවා"

Gauraw "මටත් ඊයෙ මාරම විදිහට මතක් උනා සුදූ ඔයාව, වෙනදටත් වඩා ඔයා නැති අඩුව හොදට තේරුනා ඊයෙ"

Me "හරි හරි දැන් හිතන්න එපා මම ලග ඉන්නවනෙ දැන්" කියලා මම ඒ කතාව වෙන පැත්තකට හැරෙව්වෙ එයා එක්ක ගෙවන කාලය දුකින් ගෙන්න ඕනෙ නැති නිසයි...

Me "බබා ice cream කන්න යන්"

Gauraw "හා යන්" තව තප්පර ගානකට ගෞරව්ගෙ තොල්පෙති සිපගෙන අපි කෙලින්ම ආවෙ driving seat එකට... ඒත් එක්කම මම එයාගෙ favoriteම ice cream store එකට car එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා... විනාඩි දහයක් වගේ ඇතුලත අපි අපේ ගමනාන්තයට ආවා... ගෞරව් car එක ඇතුලෙ ඉද්දිම මම car එකෙක් බැහැලා ගිහින් order කරේ අපි දෙන්නගෙම favorite chocolate chip ice cream දෙකක්... විනාඩි ගානක් තුල මගේ order එක මන් ලගට ආවම ඒකටත් pay කරලා මම ආයෙත් කාර් එක ආවා... 

     අපි දෙන්නම ඒක රස බලලා car එකෙන් බැහැලා පටන් ගත්තෙ #-#### එක වටේ ඇවිදින්න... එත් එක්කම එයාගෙ හිනාව දිහා බලාගෙන කාලය ගත කරනකොට ඒ කාලය ගෙවිලා ගියේ වචනයෙන් කියන්න බැරි මාරම සතුටකුත් එක්ක... ඇවිදින අතරතුර මිනිස්සු නැති තැනක් බලලා ගෞරව්ගෙ කම්මුල් සිපගන්නත් මම අමතක කරේ නෑ...

     කාලය ටික ටික ලස්සනට ගෙවිලා අපිටත් නොදැනිම හවස උදා උනා... car එකට ඇවිල්ලා ටික වෙලාවක් ගෞරව්ගෙ උනුහුමට ගුලි වෙලා හිටපු මම driving seat එකට ඇවිල්ලා car එක ස්ටාර්ට් කරද්දි මගේ හිත කෑගගහා කිව්වෙ එයත් එක්ක තව කාලය ගත කරන්න ඕනෙ කියලා විතරයි... ඒ උනත් කොහොමත් කීයට හරි ගෞරව්ට සමු දෙන්න වෙන නිසා මම ඒ හැගීම මගේ හිත අස්සෙම තදින් හිර කරගත්තා...

හැමදාම විදිහටම ගෞරව්ට සමු දෙන තැනදි මම කියාගන්න බැරි තරම් අසරන උනේ එයාගෙ ඇස්වල පිරෙන කදුලු කැටත් එක්කයි... කොහොමහරි කියලා කියලා මම ගෞරව්ගෙ හිත හදලා එයාගෙ නලලත් සිපගෙන එයාට සමුදීලා ගෙදර එන්න පිටත් උනේ හැමදාම විදිහට ඒ දැනෙන දුකත් මගේ හිත ඇතුලෙම හංගගෙන...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now