CHAPTER 59

336 54 12
                                    

    දින, සති ගෙවිලා ගියා. මාස දෙකහමාරකට නොඅඩු කාලයක් තත්පරයක් නෑරම ගෞරවුත් එක්කම ගත කරලා විනාඩියකට හෝ එයාව මගෙන් ඈත් කරන්න මගෙ හිතේ ඇතිවෙලා තිබ්බෙ වචනයෙන් කියාගන්න බැරි තරම් ලොකූ ලෝබකමක්. ඒ මාස දෙකකට වැඩි කාලය ඇතුලෙදි අපි අපි දෙන්නා එක්කම ජීවිතේ ගත කරන්න ගොඩාක් හුරු වෙලා තිබ්බා ඒ වගේම ඒ ජීවිතේට අපි වචනයෙන් කියාගන්න බැරි තරම් ආස කරා, ආදරේ කරා. ගෞරව්ගෙ ආදරේ තුරුලෙ සැනහෙන වාරයක් වාරයක් පාසා මම ජීවත් වෙනවා කියන හැගීම මගෙ හිතට නොඅඩුව දැනුනා. ඒත් ඒ තුරුලෙ සැනහෙන වාරයක් වාරයක් පාසා ආයෙත් දෙතැනක තනි වෙන්න කාලයක් එනවා නේද කියලා මගෙ හිත මගෙන්ම අහද්දි මගෙ හිතට දැනුනෙ අසීමිත දුකක්ම විතරයි.

    කොහොමෙන් කොහොමහරි කාලය ටික ටික ගෙවිලා ගිහින් අම්මලා ලංකාවට එන සතිය උදා උනා. දින ගනනක් මගේ හිතේ හිර කරන් ඉදපු දේ මම ගෞරව් ඉස්සරහා වචන කරන්න ගත්තෙ ඒ දේ මට තවත් දරාගන්න බෑ කියලා මම හොදටම දන්න නිසයි.

Me "මැනික..." මගෙ හඩත් එක්කම මගෙ පපුව උඩ ඔලුව තියන් හිටපු ගෞරව් එහෙම්මම මගේ මූන දිහා බලාගෙන එයාගෙ හඩ අවදි කරා.

Gauraw "ම්ම්ම්"

Me "බදාදා අම්මලා එනවා නෙ, එදයින් පස්සෙ ආයෙත් ගෙවල් දෙකේද මැනික"

Gauraw "මට බෑ සුදූ ඈත්වෙලා ඉන්න"

Me "මටත් බෑ මගෙ මැනිකෙ" ඒත් එක්කම ටික වෙලාවකට අපේ කාමරේ තුල නිශ්ශබ්දතාවයක් පැතිරිලා ගියා. ඒ නිශ්ශබ්දතාවය ඇතුලෙදිම සිනිදු විදිහට මම ගෞරව්ගෙ ඔලුව අතගාන්න පටන් ගත්තෙ ඒ දෙව් ගොඩාක් දුරට මගේ හිත නිවන නිසයි. තත්පර ගානල් ගෙවිලා යද්දි එකපාරටම ගෞරව් එයාගෙ කටහඩ අවදි කරා.

Gauraw "සුදූ"

Me "ඕ බබෝ"

Gauraw "Living together යමු මැනික, මට තවත් වෙන් වෙලා ඉන්න බැහැ කොහොමත්ම බැහැ" ගෞරව්ගෙ වචන ටික මගේ හිතට කියාගන්න බැරි තරම් සතුටක් ගෙනත් දුන්නා. ඒ දැනෙන සතුටත් එක්කම මම කෙලින් වෙලා ගෞරව්ගෙ කම්මුල් දෙකෙන් සිනිදු විදිහට අල්ලගත්තෙ මගෙ මූන ලොකූ හිනාවකින් පුරෝගන්න ගමන්.

Me "ඇත්තටමද කියන්නෙ මැනික" මගේ ප්‍රශ්නෙත් එක්කම මම දැක්කා ගෞරව්ගෙ මූනෙත් ලොකු හිනාවක් ඇදෙන විදිහ.

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now