CHAPTER 55

352 65 28
                                    

At our house_

Me "බබා!! මොකෝ මේ [😂"  හිනාවෙන ගමන් මම ගෞරව්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තෙ මගේ උකුලෙ ඔලුව තියාගෙන මගෙ අතිනුත් අල්ලගෙන හිටපු ගෞරව් එක පාරටම මගේ මහපටැගිල්ල කටේ දාගෙන උරන්න පටන් ගන්නවත් එක්කමයි. මගේ ප්‍රශ්නෙන් තප්පර ගානක් යනවත් එක්කම ගෞරව් එයාගෙ කටහඩ අවදි කරේ ඒ බෝල ඇස්වලින් මන් දිහා බලන ගමන්.

Gauraw "ඇයි මොකක්ද"

Me "මොකෝ ඔය ඇගිල්ල උරන්නෙ"

Gauraw "ඔයා මගේනෙ මහත්තයෝ, ඒ නිසා මට ඕන දේ කරනවා" කියලා මගේ නහයට තට්ටුවකුත් දාපු ගෞරව් ආයෙත් මගේ ඇගිල්ල එයාගෙ කට ඇතුලට දාගත්තෙ මගෙ මෘදු හිනාවත් එක්කමයි.

      ටිකක් වෙලා ගෞරව් මගේ තුරුලෙ හුරතල් වෙලා ඉවර වෙද්දි අපි දෙන්නම kitchen එකට ආවෙ lunch එක හදන්න හිතාගෙන. උදේ ඉදන්ම විටෙන් විට වහින වැස්ස නිසා පරිසරයෙ තිබ්බෙ හරිම කම්මැලි ගතියක්. මොනා හරි හදන්න හිතාගෙන kitchen එකට ආවත් ඒ තියෙන කම්මැලි ගතියත් එක්ක කෑමක් හදන්න තියා හදන්නෙ මොකක්ද කියලා හිතන්නවත් අපිට කැමැත්තක් තිබ්බෙ නෑ.

Me "මැනික, Uber එකක් දාමු"

Gauraw "හා, දාමු"

Me "මොනාද ගේන්නෙ" කියලා මම ගෞරව්ගෙන් ඇහුවෙ සාක්කුවෙ තියෙන phone එක මගේ අතට ගන්න ගමන්.

Gauraw "කොත්තූ"

Me "මන් හිතුවා [😂"

    Uber එකක් දාලා අපි දෙන්නම kitchen එකෙන් එලියට ආවෙ කෑම හදන අදහසට සමු දෙන ගමන්. Living room එකට ඇවිල්ලා ගෞරව්වත් තුරුලු කරගෙනම tv බලද්දි පැයක් වගේ ඇතුලත මගේ phone එකට delevery boyගෙන් කෝල් එකක් ආවා.

+ "සර් මම ඇවිත් ඉන්නෙ"

Me "Okay මම එන්නම්" කියන ගමන් මම couch එකෙන් නැගිට්ටා. ගලවලා තිබ්බ t shirt එකත් ඇදගත්ත මම slippers දෙකත් දාගෙන ගෙදරින් එලියට බැස්සෙ order එක ගන්න යන්නයි. තප්පර ගානක් ඇතුලත මම ගේට් එක ලගට ආවා. order එක අරගෙන tip එක pay කරනවත් එක්කම කලු කරලා තිබ්බ අහස කැලබිලා වැස්සක් වහින්න පටන් ගත්තෙ මම කොහොමවත් නොහිතපු විදිහකට. footballs සයිස් වතුර බින්දු වැටෙන වැස්සත් එක්ක ගේ ඇතුලට එන ටිකට මුලු ඇගම තෙත් වෙන්න මාව ඒ වැස්සට තේමුනා.

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now