CHAPTER 3

1.4K 286 103
                                    

ඉරිදා දවස උදා උනා... සෙනසුරාදා රෑ හෙටවත් ඔලුව උස්සලා මනුස්සයෙක් වගේ ඉන්නවා කියලා හිතාගෙන නින්දට වැටුනත් වෙදනා දෙන හැගීම් මට ඇදෙන් නැගිටින්න හිතක් දුන්නෙ නෑ... දවල් 12 විතර වෙනකන් මම ඇදටම වෙලා හිටියා... ගෞරව්ව මගේ හිතෙන් අයින් කරන්න කොච්චර try කරත් ඒක කරගන්න තරම් හයියක් මට තිබුනෙ නෑ...

ටොක් ටොක්...

බදාගෙන හිටපු කොට්ටෙ අත ඇරලා මම දොර දිහා බැලුවෙ දොරට තට්ටු කරන සද්දෙට....

Me"අයියෙ"

Aiya"මන් එන්නද සුදූ"

Me"එන්න අයියේ"
අයියා ඇවිත් මගෙ ඇදෙන් ඉදගත්තා...

Aiya"සුදූ උබ මොකක් හරි ප්‍රශ්නෙක නේද ඇත්ත කියපන් මට"

Me"නෑ නෑ අයියෙ මට මොන ප්‍රශ්නද මම නැව ගිලුනත් ආතල් එකේ නෙ"

Aiya"නෑ නෑ නෙමෙයි හරියට කෑමක් කන්නෙත් නෑ, කාත් එක්කවත් කතා බහක් නෑ කොහෙවත් යන්නෙත් නෑ ගෙදර හිටියොත් කාමරේමයි වැඩ ගියොත් කැබින් එකේමයි මොකක්ද උබට වෙලා තියෙන්නෙ"

ඒ වෙද්දිත් මගෙ හැම වෙනස්කමක්ම අයියට තේරිලා තිබ්බා... පොඩි කාලෙ සීරිමක් උනත් දුවලා ගිහින් අයියට කියන මට, මේච්චර වේදනාවක් එයත් එක්ක බෙදාගන්න හිතක් දුන්නෙ නැත්තෙ ඇයි කියලා මට හිතාගන්න බෑ...

Me"නෑ නෑ අයියෙ මේ දවස් ටික පට්ට boring"

Aiya"ඇත්ත කියපන් මට බොරු ගොතන්නෙ නැතුව"

Me"ඇත්ත තමයි බන්"

Aiya"හම්ම්.... ආ එහෙනම් මෙහෙම කරමු අද K - Zone යමු ගිහින් ටිකක් එන්ජෝයි කරල එමු මම උබේ මිතුරු කැලටත් ආරාධනා කරන්නම්, හරිනෙ ශේප්නෙ"

මම හා කිව්වෙ අයියගෙ වචනෙ අහක දාන්න බැරි නිසා... මටත් හිතුනා ගිහිල්ලා ටිකක් එන්ජෝයි කරා නම් මේ ගතිය ඇරිලා යයි කියලා...

__________________________________________________________

අයියයි එයාගෙ යාලුවො දෙන්නයි මගේ යාලුවො තුන්දෙනෙකුයි K-zone එකට ආවා... enjoy කරලා හිත හදාගන්න ආවත් එතනත් වෙනදා වගේ කිසි ගතියක් තිබ්බෙ නෑ...

"මොකද යකෝ දාහට අරන් සීයට දීලා වගේ ඉන්නෙ..."රෝහන්(bff/bestfriend) මගේ කරට අතදාන ගමන් ඇහුවා..

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now