CHAPTER 40

358 71 68
                                    

Gauraw "මොනාද බූරුවො කරන්නෙ" කියලා ගෞරව් කිව්වෙ කටහඩහත් low කරලා පට්ටම හුරතල් විදිහකට... ඒ හුරතලෙත් එක්කම හිනාවකින් මූන පුරෝගෙන මම මගේ කටහඩ අවදි කරා...

Me "හපෝ ලැජ්ජ හිතිලා[😂"

Gauraw "දැක්කද දන්නෙත් නෑ කවුරුහරි"

Me "කවුරුත් නෑ බබා දකින්න, අනික කවුරු දැක්කම අපිට මොකෝ මම කිස් කරේ මගෙ boyfriendවනෙ"

Gauraw "ඔයාට කියනවට වඩා හොදයි මැනික කට බිම අතුල්ලගන්නවා"

Me "පිස්සුද මගේ කොල්ලගෙ සෝස පාට තොල්දෙක තුවාල උනොත් මම කිස් කරන්නෙ කොහොමද"

Gauraw "යනවා යන්න මෝඩයා"

Me "බබෝ, තාම තරහද"

Gauraw "ඔව්"

Me "ආ එන්න එහෙනම් තව කිස් එකක් දෙන්න"

Gauraw "නෑ නෑ දැන් යාලුයි"

Me "හොද කොල්ලා මගේ, කෝ එන්න ඉතින් තුරුලට මට සීතලයි" කියලා මම කියද්දි ගෞරව් පොඩි එකෙක් වගේ මට ලං වෙලා මට තුරුල් උනේ මූනෙ හිනාවකුත් පුරෝගෙන...

Me "හම්මේ ඉතින් ඔය හිනාව මට පිස්සු හදවනවා මැනික"

තමන්ගෙ ආදරයෙන් උපදින හිනාවක් විඩාවෙන් පිරුනු හිතකට කාශ්ඨක පොලවට වැටෙන පලමු වැස්ස වගේ, ඉරිතලපු පොලවට වතුර බින්දු එකින් එක වැටිලා පස තෙත් වෙලා සාරවත් වෙනවා වගේ ඒ හිනාව දකින දකින වාරයක් පාසා හිත සතුටින් පිරිලා යනවා, හිත මාරම විදිහට නිවෙනවා... තමන්ගේ ආදරයේ මුවගින් ඉපදෙන එහෙම පිවිතුරු හිනාවක් දකින දකින වාරයක් පාසා ඒ හිත එක්ක තව තවත් ආදරෙන් බැදෙද්දි ඒ හිනාව දිහා බලාගෙන ඒ පපුවට තුරුල් වෙනවා තරම් ලෞඛික නිවනක් මනුස්ස හිතකට තියෙයිද...

ජීවිතේ සමහර මොහොවතවල් තියෙනවා මුලු ජීවිතේම මේ මොහොතෙ ගෙවන්න පුලුවන් නම් කියලා හිතට දැනෙන තරම් මාරම ලස්සන කාල පරාස. මගේ ජීවිතේ, මට වෙනුවෙන්ම වෙන් වෙච්ච ඒ පපුවෙ උනුහුමට තුරුල් වෙලා මන් වෙනුවෙන් ගැහෙන ඒ හදවතේ තාලේ අහන මොහොතක් මොහොතක් පාසා මට දැනෙන්නෙ ඒ හැගීමම විතරයි...

පැය බාගයකට ලං වෙන්න ඒ බෙන්ච් එකට වෙලා අපි අපේ තුරුලෙ උනුහුම විදගත්තා... කවුරු දකීද කවුරු මොනාවා හිතයිද කියලවත් හිතන්න අපි දෙන්නට උවමනාවක් තිබ්බෙ නෑ කවුරු මොනවා හිතුවත් අපි දෙන්නට වැඩකුත් නෑ මොකද අපිට ඒ වෙලේ ඕනෙ උනේ අපේ ආදරේ උපරිමේට විදින්නම විතරයි...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now