Author's Note

637 82 25
                                    

මාස ගානක් තිස්සෙ මතකයන් රාශියක් එකින් එක වචන වලට හරවලා. වචන හැත්තදාහකට ආසන්න ප්‍රමානයක්, අකුරු මිලියන ගානක් එකට අමුනලා ලියපු අපේ ආදර කතාවෙ එක දිගහැරුමක් අදින් ඉවරයි එහෙනම්.

කොහොමද දැනෙන්නෙ ලමායි🙈❤️
මට නම් හැගීම් ගොඩාක් දැනෙනවා ඒත් වචනයෙන් කියාගන්න තේරෙන්නෙ නෑ... ලොකූ සතුටකුත් දැනෙනවා, ඒත් ඉවර කරන්න උන නිසා දුකකුත් දැනෙනවා... කමක් නෑ අපි පුලුවන් තරම් ඉක්නට ඊලග season එක ගේන්නාම් ලමායි...👉👈

අපි wattpad එකේ කතාව ලියන්න ගත්තෙ මෙන්න මේකිගෙ ඉල්ලීම නිසා Dolly_Girl_. ඒ කාලෙ මට එච්චර writing skills තිබ්බෙත් නෑ🥲😂. කතාව ලියන්න පටන් ගන්නකොට ආදියි මායි හිතුවෙ නෑ wattpad එකේ කාටවත් කියන්න මේක අපි දෙන්නගෙ කතාව කියලා. මොකද අපි ඉන්නෙ ගොඩාක් homophobic රටක නිසා අපි පුලුවන් තරම් අපේ privacy එක ආරක්ශා කරගන්න තමයි බලන්නෙ. ඒත් කොහොමෙන් කොහොමහරි ඒක හන්ගන් ඉන්න අපිට හිත දුන්නෙ නෑ.

මම අද ඒ ගත්ත තීරනය ගැන ගොඩාක් සතුටු වෙනවා. මොකද wattpad එක නිසා අපිට හරීම ලස්සන හිත් ගොඩාක් මුනගැහුනා. මන් අර එක දවසක් කිව්වා වගේ මන් හිතුවෙ නෑ gay friendly අය මෙච්චර ඉන්නවා කියලා ලංකාවෙ. ඒත් මම wattpad ආවට පස්සෙ ඒක වෙනස් උනා. අපිට ලස්සන හිත් ගොඩාක් මුනගැහුනා වගේම අපි දැක්කා ගොඩාක් අය අපේ කතාව නිසා, අපි නිසා සතුටින් ඉන්න විදිහ. කෙනෙක්ගෙ හිතක් සතුටින් තියලා ලබන සතුට මාරයි. ඉතින් එදා ගත්ත තීරනය ගැන අද මම ගොඩාක් සතුටු වෙනවා.

කියන්න දේවල් නම් දාහක් විතර තියෙනවා ඒත් කියන්න තේරෙන්නෙ නෑ ලමායි, ඊලග චැප්ටර් එකෙන් ඉක්නට හම්බෙමු කියන්න බෑනේද කියලා මතක් උනාම නම් හෙන දුකයි මොනා උනත්🥹

ලමායි, කතාව මෙච්චර දුරක් අරන් එන්න ලගින් හිටපු හැමෝටම Thank you soo much and love you all❤️

හැමදාම වගේ එක ඉල්ලීමක් තියෙනවා. අපේ කතාව, අපේ ආදරය ඔයාලට දැනුනු විදිහ පුන්චි comment එකකින් ලියාගෙන යන්න... එහෙනාම් ලමයි ටික කාලෙකින් The Endless Love // Season 2 එකෙන් අපි හම්බෙමු. ආයෙත් කියන්න තියෙන්නෙ Love u all...

❤️❤️❤️❤️

Yugan Sandesh_.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඉවරයි කිව්වට ඉවරම නෑ, හේ හේ😙❤️

ඉවරයි කිව්වට ඉවරම නෑ, හේ හේ😙❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🎉 You've finished reading THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭ 🎉
THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now