CHAPTER 47

334 57 69
                                    

ටික ටික කාලය ගත වෙලා අපිට නොදැනිම රාත්‍රිය උදා උනා... කට්ටිය තම තමන්ගෙ කාමර වලට යද්දි අපිත් අපි දෙන්නගෙ කාමරේට ආවෙ සතියක් අපේ උනුහුම නැතුව දුක් විදපු අපිට අද ඒ ඉනුහුම උපරිමේටම විදින්න පුලුවන් නේද කියන හැගීමෙන් අපේ හිත් පුරෝගෙන...

Room එකට ඇවිත් දවසෙ මහන්සිය යන්නත් එක්ක bath එකක් අරන් bathroom එකෙන් එලියට එද්දි මම දැක්කෙ මගේ කොට්ටෙත් බදාගෙන ඇද උඩට වෙලා ඉන්න මගේ හා පැටියව... සැනින් towel එක රැක් එකට දාලා short එකක් ඇදගත්ත මම එක පිම්මටම අපේ ඇද උඩට පැන්නා...

ඒත් එක්කම ගෞරව් ලගට ගිහින් මම එයාට තදින් තුරුල් උනේ ඒ හුරතල් ඇස් එයාගෙ හිතේ මන් වෙනුවෙන් තියෙන ආදරේ මට මුමුනා කියද්දි... හාත්පස නිශ්ශබ්දතාවය අපි දෙන්නට අපේ ලෝකෙ අතරමන් වෙන්න නිදහස හදලා දෙද්දි මම වචනයක්වත් කතා නොකර කෙලින්ම මගේ තොල්පෙති ගෙනාවෙ මගේ හාදුවලටම වෙන් වෙලා තියෙන ඒ නලල් තලයට... ඒ නලල එක්ක බැදුනු මගේ දෙතොල් ලිහෙනවත් එක්කම මම දැක්කෙ ඇස් දෙකත් පියාගෙනම මගේ උනුහුම උපරිමේටම විදින ගෞරව්ව...

ඒ දගකාර හුරතල් කමෙන් මගෙ හිත පුරෝගෙන මම ගෞරව්ගෙ නලලට තවත් හාදුවක් දුන්නා... එයා ඔලුව තියන් ඉන්න කොට්ටෙන්ම මගේ ඔලුව තියාගත්ත මම මගේ අතක් ගෞරව්ගෙ ඇග වටෙන් යවලා එයාව මට තවත් තදින් තුරුලු කරගත්තෙ අපේ ආදරේ අපේ හිත් වලට හොදටම දැනෙද්දි... ඒ ආදරෙත් එක්ක මම ගෞරව්ගෙ නලලට තවත් හාදුවක් දෙද්දි ගෞරව් මගේ පපුව අස්සට තදින් ගුලි උනේ හරියට පොඩි එකෙක් වගේ...

ලොකු කාලයක් අපි ඒ නිශ්ශබ්දතාවය රැකගෙනම අපේ තුරුලෙ උනුහුම වින්දෙ ඒ නිහඩකම බිදුනොත් ඒ දැනෙන අසීමිත ආදරේට ඒක බාදාවක් වෙයි කියන බය නිසයි... බිත්තියෙ තියෙන ඔරලෝසුවෙ ටික් ටික් සද්දෙත් එක්කම තප්පරේ තප්පරේ ගෙවිලා කාලය ගත වෙලා යද්දි මට දැනුනෙ මගේ හිතේ එයා වෙනුවෙන් තියෙන ආදරේ කියන රූස්ස ගහ තව තවත් දලුලා වැඩෙන විදිහයි...

හිතකට හිතක් ආදරේකින් බැදෙන විදිහ හරි ලස්සනයි... "අහම්බෙන් හමුවෙච්ච අහිංසකයෙක් මේ වෙද්දි මගේ ජීවිතේම වෙලා" කියන හැගීම මගේ හිතට නොනවත්වාම දැනෙනකොට තව තවත් එයා වෙනුවෙන් මගේ හිතේ උපදින්නෙ අසීමිත ආදරයක්ම විතරයි... තප්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය කාලය ගත වෙලා දින, සති, මාස, අවුරුදු ගනන් ගෙවිලා ගිහින් අපි අපේ අන්තිම ගමන යන දවස ලං වෙද්දි පුන්චි පැලයක් විදිහට හමුවුන මුල් දවසෙම අපේ හිත්වල ඉපදුන ඒ ආදරේ අහස පුරා අතු විහිදිච්ච මුදුන නොපෙනෙන රූස්ස ගහක් වෙලා තියෙයි කියලා මට කිසි සැකයක් නෑ...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now