CHAPTER 38

360 70 49
                                    

At our house_

Aiya "දැන් මෙහෙමයි, දොලහට මෙහෙන් පිටත් වෙන්නෙ... ගෞරව්ව එහෙන් ගත්තා ලියෝව එහෙන් ගත්තා ඊටපස්සෙ කෙලින්ම destination එකට... හරිනෙ"

අයියා මල්ලිටයි මටයි උපදෙස් දෙන ගමන් ගමන යන විදිහ අපි දෙන්නට කිව්වා, අපි දෙන්නත් ඉතින් කියන හැම එකටම ඔලුව වන වන අහන් හිටියෙ ගමන් යන්න මෙහෙ පාරවල් දන්නෙ ඌ නිසා... අයියගෙ ලෙක්චර් එක ඉවර උනයෙන් පස්සෙ මම කෙලිනම මගේ රූම් එකට ආවෙ මගේ ඇදුම් ටික පැක් කරගන්න, මොකද දොලහ වෙන්න තිබ්බෙ තව පැය පහක් වගේ නිසා...

සති දෙකක් ඉන්න plan කරාට මම ටිකක් වැඩියෙනුත් එක්ක ඇදුන් පැක් කරගත්තෙ ඔය සති දෙක අඩුම සති තුනකටවත් ඇදෙනවා කියලා මම දන්න නිසා... ඒ වැඩෙත් ඉවර කරලා මම washroom එකට ගිහින් කන්නාඩිය ඉස්සරහට වෙලා ටිකක් හැඩත් බලලා මම wash එකක් දාන්න පටන් ගත්තා, දවසෙ වැඩ කරලා කරලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා අයියගෙ මාර්ගෝපදේශනයටත් සවන් දීලා මගේ ඇගේ මාරම තෙහෙට්ටුවක් තිබ්බා... ඒ නිසා සීතල වතුර බින්දු ඇග දිගේ ගලාගෙන යද්දි මට දැනුනෙ පුදුම සනීපයක්...

වොශ් එක දාල ඇවිත් ගෞරව්ටත් කෝල් එකක් අරගෙන ටිකක් කියෝ කියෝ ඉදලා මම පහලට ඇවිත් අම්මලා එක්කම කෑම අරගන්න පටන් ගත්තා... ඔක්කොම වැඩ ඉවර වෙද්දි ගානට එකොලහ පහු වෙලා තිබ්බා... ඉතින් මම ආයෙත් උඩට ඇවිත් පහසු ඇදුමක් ඇදගත්තෙ කොහොමත් මම වාහනේට ගිය ගමන් ගෙම්මා ගැහුවා වගෙ නිදාගන්න නිසා... ලෑස්ති වුනයෙන් පස්සෙ මම පල්ලෙහාට ඇවිත් අම්මියි තාත්තිටයිත් සමු දීලා අයියයි මල්ලිත් එක්කම වාහනේට ආවා... වාහනේ දොර අරිනවත් එක්කම මල්ලිගෙයි මගෙයි රන්ඩුව පටන් ගත්තෙ seats වලට...

Malli "ඕකෙ මායි රූයි, තමුසෙයි ගෞරව් අයියයි පිටිපස්සෙ එකට යනවා"

Me "ඉස්සරහා ඔනේ නම් ඉස්සරහම එකට පලෑන්, නැත්තම් පිටිපස්සට පලෑම්, මේක දෙන්නෙ නෑ"

Malli "මගෙ හොද අයියනෙ, දෙනවකො ඕක"

Me "බෑහ් ඉල්ලන්න එපා දෙන්නෙ නෑ"

Aiya "උබලා දෙන්න පස්සෙ රන්ඩු වෙයල්ලකො පරක්කු වෙනවා"

මල්ලිත් එක්ක රන්ඩු කරලා කරලා කොහොමහරි මගේ පරමාදිපත්‍ය බලය පාවිච්චි කරලා මන් කොහොමහරි මට ඕන සීට් එක අල්ලගත්තා... අපේ රන්ඩුව මැද්දෙම අයියා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තේ රූව ගන්න එයාලගගෙ ගෙදරට යන්න...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now