Chapter 19

610 134 112
                                    

Me "හරි හරි ඒක ශේප්, වරෙන් වරෙන් ඇතුලට" ඒත් එක්කම මම දැක්කා එක අතකින් ගිටාර් එකකුත් එල්ලගෙන ගෞරව්ගෙ කරටත් අතක් දාගෙන එන කෙට්ටු උස අපේ වයසෙම වගේ කොල්ලෙක්... එයා ගෞරව්ගෙ යාලුවෙක් කියලා දන්නවා උනත් ගෞරව්ට එච්චර ලං වෙද්දි මගේ හිත කොනකින් මොකක්දෝ අමුතු ඉරිසියාවක් එලියට එන්න පටන් ගත්තා...

Gauraw's Friend "ආහ් කව්ද ගව්වා මේ අලුත් යාලුවා" කියන ගමන් චතුර මම ඉදගෙන ඉන්න පුටුවට ඉස්සරහ පුටුවෙන් ඉදගත්තා... ගෞරවුත් මගේ එහාපැත්තෙන් උදගන්න ගමන් කතා කරන්න පටන් ගත්තා...

Gauraw "මචං මේ මගෙ හොදම යාලුවා අයේශ්, මගෙ company එකේ බොස්, අයේශ් මේ චතුර මගෙ A/L කාලෙ යාලුවෙක්"

Chathura "Nice to meet you අයේශ්" කියන ගමන් චතුර මගෙ අතට අත දුන්නා...

ගෞරව් මාව යාලුවෙක් විදිහට අදුන්වලා දෙද්දි අමුතුම දුකක් මගේ හිතට දැනුනත් මම ඒක පිටට පෙන්නන්නෙ නැතුව හිත ඇතුලෙම හිර කරන් චතුරට උත්තර දුන්නා...

Me " Likewise මචං"

Chathura "ඉතින් ගව්වා මොකෝ වෙන්නෙ"

Gauraw "ඉන්නවා බන් ඉතින් මේ ටිකේ නිවාඩු"

__________________________________________________________

ගෞරව් චතුරත් එක්ක හිනා වෙවී කතා කරද්දි අර කලින් දැනුනු මහ අමුතු ඉරිසියාව මගේ හිතෙන් ආයෙත් එලියට එන්න පටන් ගත්තා... ඊයෙ ගෞරව්ට දැනුන ඉරිසියාව අද ඒ විදිහටම මට දැනෙනවා "Karma is a bi¥¢h" කියලා මගේ හිතටම කියාගන්න ගමන් මම ගෞරව් දිහා බැලුවෙ එයාට ඔරවන ගමන්... ගෞරව් එයාගෙ හිනාවත් කට කොනකින් හිර කරගෙන ආයෙත් කතා කරන්න පටන් ගත්තා...

Chathura "තාම කෙල්ලෙක් එහෙම නැද්ද බන්"

Gauraw "එකක් කියලා නෑ බන් ඉතින්" කියලා ගෞරව් මන් දිහා බලලා හිනා වෙද්දි මට ගෞරව්ගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් දැනුනා(seriousම බෙල්ල මිරිකන්න නෙමේ හොදේ)... මම මගේ කේන්තියත් හිතේම තියාගෙන අත්දෙක බැදගන්න ගමන් පුටුවට හේත්තු උනේ "හිටපන්කො මේ මනුස්සයා යනකන්" කියලා හිතන ගමන්... ගෞරව් චතුරත් එක්ක තව තවත් හිනා වෙවී කතා කරනකොට මට මගේ ඉරිසියාව දරාගන්න බැරි උනා...Phone එක අතට ගන්න ගමන් මම එතනින් නැගිට්ටෙ මගෙ ඉරිසියාව එලියට පේන්න දෙන්න බැරි නිසා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now