CHAPTER 49

290 60 48
                                    

Me "අයියා"

Devon "නෑ......."

Devon "ඔයා එයාගෙද" කියලා කොල්ලා ගෞරව්ගෙන් ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරලා අහිංසක විදිහට එයා දිහා බලාගන්න ගමන්... ඒත් එක්කම ගෞරව් මන් දිහා බලද්දි මම එයාට ඔලුවෙන් ඉගි කරේ එයාට සතුටු හිතෙන උත්තරයක් දෙන්න කියලයි...

Gauraw "මන් ඔය දෙන්නගෙම, හරිද"

Devon "බෑ.... මගේ"

Ayodya "කාගෙවත් නෙමේ අයියා මගේ, මගෙ මල්ලිනෙ එයා" කියලා අක්කා කතාව වෙන පැත්තකට හැරෙව්වෙ චූටි කොල්ලගෙ කට වහන්න කොහෙත්ම බැරි නිසයි...

Gauraw "පුතේ, අයියට උම්මා එකක්"

කියනවත් එක්කම ඩෙවෝන් ගෞරව්ගෙ උකුලෙන් නැගිටලා couch එකට නැගලා ගෞරව්ගෙ බෙල්ල බදාගෙනම එයාගෙ කම්මුලට පෙක් එකක් දුන්නා... ඒත් එක්කම ගෞරව් එයාගෙ හඩ අවදි කරේ පොඩ්ඩව මගේ පැත්තට හරවන ගමන්...

Gauraw "යශ් අයියටත් එකක් දෙමුද" කියලා ගෞරව් එයාගෙන් ඇහුවත් පොඩ්ඩගෙන් හරියට පිලිතුරක් නොලැබුනේ ලැජ්ජ හිතුන නිසා වෙන්න ඇති...

Gauraw "එකක් දෙමු, හාද"

ගෞරව්ට ඔලුව වනලා හා කියපු ඩෙවෝන් එයාගෙ ඔඩොක්කුවෙන් මගේ ඔඩොක්කුවට පැනලා ගෞරව්ට විදිහටම මගේ බෙල්ල බදාගෙන මගේ කම්මුලටත් පෙක් එකක් දුන්නා...

Ayodya "මෙයා උම්මා නම් දෙයි ඔක්කොටම හරි"

Me "හෙන cute අක්කෙ පොඩ්ඩා නම්"

Gauraw "මගේ ආරෙට යන්නෙ හුම්"

Me "ඇත්ත ඇත්ත"

Devon "මෙයා කව්ද ඔයාගෙ??" කට වහන් හිටපු පොඩ්ඩා එයාගෙ කටහඩ ආයෙ අවදි කරේ මගේ උකුලෙන් ආයෙත් ගෞරව්ගෙ උකුලට පනින ගමන්...

Gauraw "එයාව තමයි මම marry කරන්න ඉන්නෙ"

Devon "Marry කරන්න????"

Ayodya "ඒ කිව්වෙ පුතේ එයාලා දෙන්නා ආදරේ කරනවා, මම එදා කියලා දුන්නෙ මගෙ පුතාට"

Devon "අම්මයි, අප්පච්චි වගේ??"

Ayodya "ඔව් පුතේ, අම්මයි අප්පච්චියි වගේම තමයි"

Devon "එතකොට, මෙයා ඔයාගෙද" කියලා පොඩ්ඩා ආයෙත් මගෙන් ඇහුවෙ මගේ මූන දිහා බලාගන්න ගමන්...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now