CHAPTER 34

407 80 52
                                    

Malli "අයියෙ නැගිටිනවා"

මල්ලි කතා කරනවත් එක්කම මම ඇස් දෙක පොඩි කරන ගමන් ඇහැරුනා... කෙලින්ම මම බැලුවෙ බිත්තියෙ තියෙන ඔරලෝසුව දිහා...පාන්දර 1යි... මලා වගේ නින්ද යන වෙලාව... මම මගේ වටිනා නින්දත් කැප කරලා ඇදෙන් බැස්සෙ ලේ බැදීමකින් නොවුනත් මගේම සහෝදරයෙක් වගේ මගෙ පොඩිම මල්ලිව ගන්න airport එකට ගන්න යන්න හිතාගෙන...

(ඔන්න ලමයි මෙයා තමයි රූ හෙවත් ලියෝ, අපේ තාත්තිගෙ හොදම යාලුවගෙ පුතා.. පොඩි කාලෙ ඉදන් මගේ හැම මගුලක්ම දන්නෙ මූ තමා සැපට දුකට හැමදේටම ලගින් හිටිය අයගෙ උඩින්ම ඉන්න කෙනා, එක ලේ නොවන මගෙ මල්ලි කිව්වෙ එන්න ඒ නිසායි.. ලියෝ දැන් මගේ මස්සිනා ඒ කිව්වෙ අපේ මල්ලිගෙ beloved Boyfriend)

[අවුරුදු පහලවක යාලුකමක් ආදරේකට හැරුනම කොහොමද හිතන්නකො ලමයි ඉතින්]

උපරිම නිදිමරගාතෙන් බාතෲම් එක ඇතුලට ගිය මම දත් ටිකත් මැදගෙන වොශ් එකකුත් දාන් කාමරේට ආවෙ ඇදුමක් ඇදගන්න හිතාගෙන... ඇගට පහසු වෙන්න ශෝටකුයු බැගී ටී ශර්ට් එකකුයි ඇදගත්ත මම ෆෝන් එකත් අතට අරන් කොට්ටෙකුත් කිහිල්ලෙ ගහගෙන කාමරෙන් එලියට ආවා... පඩිපෙල දිගේ පහලට යද්දිම මට ඇහුනෙ අයියා කතා කරන සද්දෙ...

Aiya "මොකෝ මේ කොට්ටයක් කිහිල්ලෙ ගහගෙන"

නිදිමරගාතෙම මම අයියට උත්තර දෙන්න පටන් ගත්තෙ තඩි ඇනුමකුත් යවන ගමන්...

Me "මට නිදිමතයි ඕයි"

Aiya "ආපෝ කම්මැලි යකා, බපන්කො චූටි දිහා මේ පාන්දර නැගිටලත් ඉන්න ෆිට් එක"

Me "අනේ ඌට ෆිට් නැති වෙයිද ඌගෙ ඉතුරු බාගෙනෙ ලංකාවට එන්නෙ"

(තාම දෙන්නා කපල් එක නෙමේ guys)

ඒත් එක්කම අපිට ඇහුනෙ පඩිපෙලේ ඉදන්ම කතාකරගෙන පල්ලෙහට එන මල්ලිව..

Malli "කතාව ඉවර නම් යන්ද දෙන්නා"

__________________________________________________________

තුන්දෙනාම කාර් එකට නැග්ගට පස්සෙ අයියා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තෙ ගෞරව්ව ගන්න එයාගෙ ගෙදරට යන්න... මම අරන් ආපු කොට්ටෙත් පැත්තකට තියපු මම ඒකට ඔලුව තියාගත්තේ ලාවට නැප් එකක් දාගන්න හිතාගෙන... මම ඇස් අරිනවත් එක්කම මම දැක්කෙ මගේ එහාපැත්තෙ ඉන්න ගෞරව්ව...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now