CHAPTER 6

1.3K 246 109
                                    

මම ලොකූ හුස්මක් අරන් බිම බලාගත්තා...මම මගෙ කටහඩ අවදි කරා...

Me "මම උබට ආදරෙයි ගෞරව්, මාරම ආදරෙයි, මගෙ පනටත් වඩා ආදරෙයි"

වෙව්ලන කටහඩින් පුලුවන් තරන් කෙටියෙන් පුලුවන් තරම් ඉක්මනින් මම ඒක කිව්වෙ කනේ පාරක් උනත් කන්න සූදානමින්... මගෙ හදවත වේගෙන් ගැහෙනවත් එක්කම ඇගම පන නෑ වගේ මට දැනුනා...මම ඒතරම් බය වෙලා... මම බිම බලාගෙන හිටියා තත්තපර ගානක් ඇතුලත ගෞරව් හයියෙන් හුස්ම ගන්න සද්දෙ මට ඇහුනා ඒත් එක්කම මම එයාගෙ මූන දිහා බැලුවා... මම දැක්ක දේට මගෙ ඇස් අදහගන්න බැරි උනා ,මොකක්ද උනේ කියලා මට හිතාගන්න බැරි උනා... මම දැක්කෙ අර අහින්සක ඇස් දෙකේන් කදුලු වැටෙන ගමන් තොල් දෙක වෙව්ල වෙව්ල මන් දිහා බලන් ඉන්න ගෞරව් ව...

Me" අනෙ ගෞරව් මට සමාවෙන්න මට තව මේක හිතේ හිර කරන් ඉන්න බෑ ඔයාව අපහසුතාවයට පත් ක... " විතරයි මට කියගාන්න පුලුවන් උනේ ගෞරව් එයාගෙ කටහඩ අවදි කරා..

Gauraw "මොකද යකෝ ඕක කියන්න මෙච්චර කල් ගත්තෙ, මම උබව මගේ කරගන්න කොච්චර හීන මැව්වද උබ දන්නවද" ගෞරව් එයාගෙ ඉකි ගහන කටහඩෙන් මට කියද්දි මම ගල් ගැහුනා... ගෞරව්ගෙන් එහෙම උත්තරයක් ලැබෙයි කියලා මම කිසිම විදිහකට බලාපොරොත්තු උනේ නැහැ... මට උන දේ හිතාගන්න බැරි උනා මම ගොලු වෙලා වගෙ මට දැනුනෙ, දහසක් දේවල් කියාගන්න ඕනෙ උනත් මගෙ උගුරෙන් එහාට එක වචනයක්වත් ආවෙ නෑ... මගෙ හිත මට කෑ ගගහා කිව්වෙ උබේ හීනෙ උබේ උනා ගිහිල්ලා බදාගනින් කියලා ඒත් ඇගිල්ලක්වත් හොලෝගන්න බැරි උනා... තත්පර ගානක් ඇතුලත මට හොරාම මගෙ ඇස් දෙකෙන් කදුලු බිංදු කඩන් වැටෙන්න පටන් ගත්තා...

ගෞරව් එයාගෙ සිනිදු අතින් මගේ කම්මුල අල්ලලා "මමත් උබට මාරම ආදරෙයි මැණික" කියද්දිම මට දරාගන්න බැරි සතුටක් මගෙ පපුවට දැනුනා මගේ කරගන්න සිහින මවපු කෙනා හැමදාටම මගේ උනා කියලා තේරුනාම වචනයක්වත් කතානොකර ඒ මූන දිහා බලන් හිටියා... කදුලු වලින් මගෙ කම්මුල් තෙත් වෙන්න ගත්තෙ ඒ දැනුන කියාගන්න බැරි සතුටට... මුලු ලෝකෙම මගෙ ඉස්සරහා දන ගැහුවා වගේ හරිම ශක්තිමත් හැගීමක් මට දැනුනා, ජීවිතේ පලවෙනි වතාවට මම පරිපූර්ණ මනුස්සයෙක් වුනා කියලා මට දැනුනා... මෙච්චර දවසක් හිතේ හිර කරන් හිටපු වේදනාව නැත්තටම නැති වෙලා ගිහින් ආයෙත් ඉපදුනා වගේ හරිම ලස්සන හැගීමකින් මගෙ හිත පිරිලා ගියා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now