CHAPTER 17

754 152 68
                                    

Me "හරි දැන් ඇති ඕක අයින් කරන්නකො මගෙ හොද කොල්ලා වගේ"කියලා මම ගෞරව්ට ලං උනා... ගෞරව්ගෙ අතේ තිබ්බ බියර් කෑන් එකට මම අත තිබ්බා... ඒත් එක්කම "පලයන් යන්න අහකට" කියලා ගෞරව් එයාගෙ උපරිම ශක්තිය දාලා මාව තල්ලු කරන ගමන් එයාගෙ අතේ තිබ්බ බියර් කෑන් එක අතින් පොඩි කරලා අහකට විසි කරා...

ගෞරව්ගෙ ඒ තල්ලු කිරීමත් එක්කම මාව විසි වෙලා ගිහින් ඇද මිට්ටමේ මගෙ පපුවෙ දකුනු පැත්ත වැදෙනවත් එක්කම මට දරාගන්න බැරි වේදනාවක් දැනුනෙ හිතේ වේදනාවයි ඇගට දැනෙන වේදනාවයි මිශ්‍ර වෙලා... ගෞරව්ගෙ ඇග වගේ දෙගුණයක ඇගක් තියෙන මම ඒ වෙලේ එච්චර අප්‍රාණික උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි උනා. උබ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන එකා උබට අත් ඉස්සුවා නේද කියලා මගේ හිත කෑගගහා අඩද්දි "නෑ නෑ මේ උබේ ගෞරව් නෙමේ උබේ ගෞරව් කවදාවත් උබට රිද්දන්නෑ" කියලා මම මගේ හිතටම කියාගන්න ගමන් මගෙ කදුලු කැට හිර කරන්  නැගිටලා ගෞරව්ගෙ කම්මුලෙන් අත තියලා ආදරෙන් කතා කරන්න පටන් ගත්තා...

Me "ඇයි මගෙ රත්තරනෙ උබ බිව්වෙ"

Gauraw "ඇයි උබ අරහෙ වේ$¡යො එක්ක නටද්දි මට මෙතන බාවනා කරන්නද උබ කියන්නෙ" එයාගෙ ඒ වචනත් එක්ක මට දැනුනෙ මගෙ පපුව හාරගෙන යනවා වගේ වේදනාවක්... මන් මෙච්චර ආදරේ කරන උබේ, කටින් මම කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ මගෙ මැනික කියලා මම හිතෙන් හිතන ගමන් "ඇයි උබ මට මෙහෙම කරන්නෙ" කියලා කිව්වෙ ඇස් දෙක කදුලු වලින් පුරෝගන්න ගමන්...

Gauraw "උබට මගෙ ඇගද ඕනෙ උනේ, ඒක කරගත්තයෙන් පස්සෙ මාව අමතක උනේ ඒකද... වරෙන් ඇවිල්ලා තව සතුටු වෙයන්... ඇති තරම් සතුටු වෙලා මාව අහකට විසි කරපන්..." ... එයා කියන කියන එක වචනයක් පාසා මගෙ පපුවට පිහියකින් අනිනවා වගේ මට දැනුනේ...

Gauraw "දවසටවත් උබට මාව මතක් උනාද කෝල් එකක් ගන්නවත් හිතුනද උබට, කොහෙද උබට ඉන්නවනෙ ලොකු හාමිනේලා... අපි මොක්කුද එක පාරක් පාවිච්චි කරලා විසික්කරන සෙල්ලම්බඩු"
මගෙ පනටත් වඩා මම ආදරේ කරන එකාගෙ කටින් පිහිපාරවල් වගේ වචන පිටවෙද්දි මගේ කදුලු මට තවත් හිර කරගන්න බැරි උනා මගේ ඇස් වල පිරිලා තිබුනු කදුලු මගෙ කම්මුල් දිගේ බේරෙද්දි ගෞරව් එයාගෙ අත මගෙ බෙල්ලට තව තවත් තද කරා... එයාගෙ අත මගෙ බෙල්ලෙන් අයින් කරපු මම ගෞරව්ගෙ අත්වලින් තදින් අල්ලගත්තෙ එයාව පාලනය කරන්න නිසයි. මගෙ අත් වලින් තදින් අල්ලනවත් එක්කම ගෞරව්ට හෙල්ලෙන්න ටිකක් අමාරු උනා. ඒත් ඒ එක්කම මම මගෙ අත් බුරුල් කලේ මම තදින් අල්ලද්දි අනිවාරෙන් ගෞරව්ගෙ සියුමැලි හමට රිදෙනවා කියලා මන් දැනන් හිටපු නිසයි. කොහොමහරි දගලලා මාත් එක්කම ඇදට පෙරලුනු ගෞරව් මගෙ ඇග උඩට නැගලා මාව කිස් කරන්න පටන් ගත්තා ඒ හාදුව වෙනදා දුන්න ආදරනීය හාදුවවත් ආදරයෙන් මත් උන රාගික හාදුවවත් නෙමේ ඒ හාදුව ඇතුලෙ තිබ්බෙ තනිකර තරහක් විතරයි... මාව කිස් කරන ගමන් එයාගෙ නියපොතු වලින් මාව තදින් අල්ලගත්තා... ඒක සාමාන්‍ය විදිහෙ සීරීමක් විතරක් උනත් මට ඒක දැනුනෙ මගෙ හම කෑලි කෑලි වලට ඉරෙනවා වගේ.... ගෞරව්ගෙ පිහිපාරවල් වගේ වචන මගෙ කන් ඇතුලෙ දෝන්කාර දෙද්දි මුලු ඇගෙන්ම දැනුන වේදනාවත් එක්ක මට කෑගහලා අඩන්න ඕන උනත් ඒකවත් කරගන්න මට පුලුවන් උනේ නෑ... ගෞරව්ගෙ දත්වලට මගේ තොල්පෙති හිල් වෙන වේදනාව දැනෙනවත් එක්කම මගෙ කදුලු කැට වැටෙන වේගෙ තව තවත් වැඩි උනා... ඇගෙන් දැනෙන වේදනාවට වඩා ගෞරව් කියපු වචන වලින් මගෙ හදවත කෑලි කෑලිවලට ඉරපු වේදනාව දහස්ගුනයකින් ප්‍රබල උනා... මගෙ තුවාල උනු තොල් වලින් ගලන ලේ වල රහ මටම දැනෙද්දි මගෙ අත් දෙකෙන් ගෞරව්ව තල්ලු කරලා මම ඇදෙන් බැහැල කාමරෙන් එලියට ආවෙ මගෙ ආත්මය මගේ ඇග ඇතුලෙම මැරිලා ඉද්දි...  සාලෙට ඇවිල්ලා සෝෆා එකට වැටුනු මගෙ ඔලුවට ආවෙ ගෞරව් ඉයේ උදේ මාව ආදරෙන් එයා ලගට ඇදලා ගත්ත විදිහයි මොකක්ද විසික්කරනවා වගේ දැන් මාව තල්ලු කරපු විදිහයි... ඒ මතකයන් එක්ක මගෙ කෑලි කෑලිවලට ඉරුනු හදවතේ වේදනාව තව තව වැඩි උනා... සාලෙ තිබුන කන්නාඩියකින් පපුවෙ පැත්තක් නිල් වෙලා ඇග පුරාම සීරිම් කැලැල් එක්ක ඇස් දෙක තද ලේ රතු වෙනකන් අඩපු මාව දැක්කම මට මන් ගැනම හිතාගන්න බැරි තරම් අසරන කමක් දැනෙන්න ගත්තා, මගේ පාට ටිකක් පැහැපත් නිසා ඒ තැල්මවල් සීරීම් කැලැල් තද රතු වෙලා වැඩියෙන් කැපිලා පෙනුනා... මගේ ජීවිතේ පලවෙනි වතාවට ජීවත් වෙන්න තියෙන ආසාව මට නැත්තටම නැති වෙලා ගියා... ඇස් දෙක ලේ පාට වෙනකන්ම අඩලා අඩලා මම බලාගත්තු අත බලාගෙන හිටියෙ හුස්ම වැටෙන මලමිනියක් වගේ... කොච්චර මට රිද්දුවත් මගේ හිතේ ගෞරව් ගැන පොඩි තරහක්වත් ඇති උනේ නෑ මට දැනුනෙ මන් ගැනම මහා අනුකම්පාවක් විතරයි... බිව්වම මිනිස්සු අමනුස්සයො වගෙ වෙනවා කියලා මම අහලා තිබ්බත් ඒක මට එදා විදගන්නම ලැබුනා... පැය ගානක් ඉකි ගගහා අඩලා අඩලා මලමිනියක් වගේ බලාගත්ත අත බලාගෙන ඉද්දි මන් මගෙ බොද වෙච්ච ඇස් දෙකෙන් දැක්කෙ මගෙ ලගට එන ගෞරව්ව මට එයා දිහා කෙලින් බලන්නවත් පනක් තිබ්බෙ නෑ ඒ තරම් මම අඩලා අඩලා හෙම්බත් වෙලා හිටියෙ ඒ පන නැති ගතිය ඇරිලා යනවත් එක්කම මම දැක්කෙ සෝෆා එක ලග බිම ඉදගෙන මගෙ යටිපතුල් දෙක උඩින් ඔලුව තියන් මගෙ දිහා බලන් ඉන්න ගෞරව්ව... අර රතු ඇස්වල තිබ්බ තරහා මැකිලා ගිහින් අර අහිංසක හුරතල් කමත් එක්ක ලොකූ දුකක් ඒ ඇස්වල හිර වෙලා තිබ්බා ඒත් එක්කම ගෞරව්ව මගෙ පපුව තුරුල් කරගන්න හිතුනත් මම හෙලවෙනත් එක්කම මගෙ පපුවෙ පැත්තෙ තිබ්බ තැල්මෙන් ආපු ලොකූ වේදනාවත් එක්ක ගෞරව් කියපු හැම වච්නයක්ම මගෙ ඔලුව ඇතුලෙ දෝන්කාර දුන්නා... ඒත් එක්කම මගෙ කටින් පිටවුනේ මට කියන්න ඕනෙ දේ නෙමෙයි...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now