02.

698 123 4
                                    

ටේහියුංග් හිටියේ විවේක වෙලාවෙ කැෆටේරියා එකේ බීම එකක් බොන ගමන්..
ඒත් එයාගෙ හිතේ තිබුනෙ වෙන දෙයක්.
" ඒක වැරදිලා වෙන්න බෑ. නෑ මම ඒක හරියටම දැක්කා... ඒකෙ තිබ්බෙ හාට් එකක් එක්ක මගේ නම. ඒත් හාට් එක...... ඒ කියන්නේ... ඒක ඇත්තද. ඇයි ඒම... ඇයි මම ම... එතකොට අපි යාළුවෝ නෙවෙයි ද" ටේහියුංග්ගෙ ඔලුවෙ එක එක ප්‍රශ්න සීයක් විතර කැරකෙන්න ගත්තා.

සාමාන්‍යයෙන් ඉස්කොලෙදි සම්පූර්ණ අවදානෙම ඉගෙන ගන්න යොදවලා තියන නිසා ටේහියුංග්ටත් මේ දේ ගැන ලොකු අවබෝධයක් තිබුනෙ නෑ...

එයා තාමත් බීම එකේ බටේ කටේ දාගෙන වෙනම ලොකෙක අතරමං වෙලයි හිටියේ.

ටේහියුංග්ගෙ මතකය ගියේ එයා ජංකූක් එක්ක කතා කල දවස් වලට. ඉතාම කලාතුරකින් ඒ දෙන්නා එකිනෙකා එක්ක කතා කරලා තිබ්බා.

එක දවසක් යුනි ෆෝම් ශර්ට් එකේ බටන් එකක් ගැලවිලා කියලා ජංකූක් ටෙයොංග් ට කියලා තිබ්බා. තවත් දවසක් වැස්ස වෙලාවක ජංකූක් ටේහියුංග්ව එයාගෙ කූඩේ එක්ක ගිහින් තිබ්බා.

ටේහියුංග් හිතුවෙ ඒ හැමදේම ජංකූක් එයාට කැමති නිසා කරන්න ඇති කියලයි.
ඒ එක්කම එයාගෙ ඇස් ලොකු උනේ ජංකූක් ඉස්සර ඉදලම එයාට කැමැත්තෙන් ඉදලා කියලා හිතුන නිසයි.

එකපාරම ටේහියුංග් ගාවින් කවුරු හරි කතා කලා.

" ආග්... ඇ. ඇයි..." ඇවිත් ඉන්නෙ ජංකූක් කියලා දැක්කම ටේහියුංග් ගොත ගහන්න ගත්තා.

" ආආ... මේ.... වි.. විබාගෙ..... කොහොමද විබාගෙ..." ජංකුක් අහන්න දෙයක් නැති නිසාම ඒ ප්‍රශ්නය ටේහියුංග්ගෙන් ඇහුව.

දෙන්නා දෙන්නා දිහා බලං ඉන්නේ බයෙනුත් චකිතෙනුත් පිරිලා.
ඒ අස්සෙ ටේහීයුංග් හැමවෙලාවෙම වටපිට බලනවා කවුරු හරි බලං ඇතිද කියලා...

" ම් මම.. මේ.... ඒක. ලේසීයි.. " ටේහියුංග්ත් පරණ විදියට කතා කරගන්න බැරි උනා..
ජංකූක් නම් මේක විසදගන්න ඕන වගේයි හිටියේ..... අත් දෙක ඉනෙන් තියාගෙන ජංකූක් ටේහීයුංග් දිහා බලං ඉන්නවා.

" අද හවසට වැඩක් මොනා හරි තියෙනවද..." ජංකුක් එකපාර අහද්දි ටේහීයුංග් පුදුම උනා. තව පොඩ්ඩෙන් අතේ තිබ්බ බීම විදුරුව බිම.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now