27.

269 39 1
                                    

" මං ගිහින් පොඩ්ඩක් බලන්නද..."

" ඒ මටනං බයත් වගේ...."

" මොකක්ද අප්පා ඔච්චර මුණ එල්ලගෙන ඉන්න උනේ..."

ටේහි්‍යුන් ගෙ ග්රෑප් එකේ කට්ටියටම එක එක ප්‍රශ්න.

අද උදේ ඉදලා පැක්ටිස් වලට ආවට මොකද ටේහි්‍යුන් ඔහේ පැත්තකට වෙලා වටේම ඇවිද ඇවිද ඔහේ කල්පනා කරනවා.. හැමෝටම ගිහින් ටේහි්‍යුන් එක්ක කතා කරන්න ඕන උනත් කවුරුත් ඒකට මුලසුන ගත්තෙ නෑ.

ඒත් හැමෝම දැක්කා ටිකකින් හොසොක් ගිහින් ටේහි්‍යුන් එක්ක කතාවට වැටෙනෝ.

.
.
.
.
.
.

" ඒ.. ටේහි්‍යුන්.. මොකක් හරි අවුලක් නම් කියන්න.... ඇයි ඕම ඉන්නෙ...." හොසෝක් හැමෝම ගැන ගොඩක් ආදරයෙන් හොයලා බලන නිසාම ඒම ඇහුවා.

ටේහි්‍යුන් මුලින් අදිමදි කලත් හොසොක් එයාවත් ඇදගෙන ග්රව්න්ඩ් එකෙන් එලියට ඇවිත් ටේහි්‍යුන් ඉස්සරහෙන් හිට ගත්තා.

" ජංකූක් ගැන ප්‍රශ්ණයක් නේද... " හොසොක් අහද්දී ටේහි්‍යුන් පුදුමෙන් ඒ දිහා බැලුවා.

" යා... ඕම බලන්න එපා.... මං ඒ ගැන දන්නවා....... අනික.... මං දන්නවා ඔයා සාමාන්‍යයෙන් මිනිසුන්ගෙ හිත් රිද්දන්න ඒ තරං අකමැති බව....

මතකද ඉස්සර.. මුලින්ම වොලිබෝල් ටීම් එකට ඔයාව ගන්න අපි හැමෝම ඔයාට බල කර කර පස්සෙන් එද්දි ඔයා කරන්න දෙයක් නැති නිසාම ඒකට කැමති උනා..

ඇයි ඔයාගෙ බලු පැටියා...ඌ ගේ ඉස්සරහා තියලා ගිහින් තිබ්බ දවසෙ ඔයා වෙන කරන්න දෙයක් තිබ්බ නැති නිසානෙ ඌව හදා ගත්තෙ.....

ඒත් ටේහි්‍යුන්.... මිනිස්සුන්ගෙ හැගීම් එක්ක අපිට ඒම සෙල්ලං කරන්න බෑ..
ඔයා ජංකූක් ට කැමතියි කියලා නොකියාද මෙච්චර දවස් එයා එක්ක කාලෙ ගත කලේ....... "

ටේහි්‍යුන් ව පුංචි කාලේ ඉඳලම දන්න හොසොක් ඒම කියාගෙන යද්දි ටේහි්‍යුන්ටත් තේරුනා එයා මිනිසුන්ගෙ හැගීම් තේරුම් ගන්න ඒ තරං දක්ශ නැති වග..ඒත් එයා ඒ කිසිම දෙයක් අකමැති නම් කරන්නෑ... මහ ලොකු අකමැත්තක් නැත්තං එයා ඕනම දේකට කැමති වෙනවා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now