11.

399 75 0
                                    


" ඔ.. ටේ හියුංග් ගෙ කාමරේ...." ජංකූක් හිමින් වටපිට බලන ගමන් ටේ හියුංග් ගෙ කාමරේට ඇතුලු උනා.

හැමදේම පිලිවලයි.. පැත්තකින් ඇදුම් අල්මාරිය වගේම මැදපු ඇඳුම් ටික හැගර් වල එලියෙන් එල්ලලා තිබබා. ඒවගේම ඇඳ කොනක තිබ්බා... තුනි ජනෙල් රෙදි නිසා කාමරේ ගොඩක් එලියයි..
ඒ එක්කම ජංකූක් ගැස්සිලා ගියේ පැත්තක කොට්ටයක් උඩ ඉන්න බලු පැටියාව දැකලයි..
ඌ සුදු අලු පාට මිශ්‍ර පුංචි බල්ලෙක්.. ඒ වගේම ඌ දිවත් දික් කරං ජංකූක් දිහා බලාගෙන හිටියා.

" ඔ. බල්ලෙක්....." ජංකූක් කියද්දි තමයි ජිමින් බල්ලාව දැක්කේ. ඉක්මනට එතනට දුවගෙන ආව ජිමින් බලුපැටියාව අතගාන්න උනා.

" නම මොකක්ද ඒකාගෙ.." යුංගි කොට්ටයක් දාගෙන බිමින් ඉදගන්න ගමන් ඇහුවා.

" යොංග්ටැන්...." ටේ හියුංග් කියද්දි ජංකූක් ඇස් ලොකු කරගත්තා.

" හෑ.. ඒක බල්ලන්ට දාන නමක්ද..." ජංකූක් තමන්ටම කියා ගත්තා.

" පරිස්සමින්.. ඌට එකපාරම කේන්ති යනවා හැබැයි.." ටේ හියුංග් කියද්දි බලු පැටියාව අතගගා හිටිය ජිමින් ඉක්මනට අහකට උනා.

" හ්හා. ඌගෙ කේන්ති යන ගතියක් නම් පේන්නෑ.." ජංකූක් කට කොනෙන් හිනා වෙවි කියද්දි යොංග්ටැන් දත් ටික පෙන්නලා ගොරවන්න ගත්තෙ ජංකූක් බය වෙලා යුංගි ගාවට දුවද්දියි.

" ම්.. ඔයාලා කැමති තැන් වලින් ඉදගන්න. මම මේසයක් තියන්නම්.." ටේ හියුංග් මේසයක් ගෙනත් කට්ටිය ඉදං හිටිය තැනින් තිබබා.

" ඔ.. ඔයා මේ කොමික්ස් කියවනවද.. මං ගාවත් මේක තිනවා..." ජංකූක් ලග තිබ්බ පොතක් අතට අරං කියද්දි ටේ හියුංග් ඉක්මනට ඒක අරං ගියා.
" අපි ආවෙ පාඩම් කරන්න.. කතාපොත් කියවන්න නෙවෙයි.. " ටේ හියුංග් පොත රාක්කෙන් තියන ගමන් කිව්වා.

" ආ.. ටේ හියුංග්. ඔයා ගාව තියනවද ඔයාගෙ පුංචි කාලේ ඉස්කොලෙ ෆොටෝ.. අනේ.. අනේ අපිට පෙන්න්නකො....." ජංකූක් ටේ හියුංග් ගෙ අතකින් අදින ගමන් කියද්දි ටේ හියුංග් නම් ලැජ්ජාවෙන් අහක බලාගත්තා..

" ඔ.. ඒකට රතු වෙන්න දෙයක් නෑ.." ජංකූක් හිමින් හිනා වෙවි කියන්න උනා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now