24.

358 59 1
                                    

ජංකූක් එදා සිද්ධියෙන් පස්සේ දවස් දෙක තුනක් යනකං පාඩම් වැඩ කියලා ටේහි්‍යුන් ව මග හැරියා. එයාට ටේහි්‍යුන් ට මුණ දෙන්න බැරි කමකුයි තිබුනෙ..

හවස පන්තියෙදිත් ජංකුක් බාහිර කිසිම දෙයක් කතා නොකර වැඩ විතරක්ම කරද්දි මිස්ටර් හන් ටත් පොඩ්ඩක් පුදුම හිතුනා.

" ඒ ජංකුක්... මොකක් හරි අව්ලකද පොඩ්ඩෝ..." හන් ජංකුක් ගාවට ඇවිත් ඔලුවත් අත ගගා අහද්දි ජංකුක් ඔලුව වනලා ආපහු පොතට එබුනා.

" ආ.. මේක බලලා ඉන්නකෝ.. එතකොට ඔය ගතිය ඇරිලා යයි..." හන් බලෙන්ම ජංකුක්ගෙ පිටට තට්ටු කර කර පේපරයක් වගේ කොලයක් පෙන්නන්න උත්සාහ කලා.

ජංකුකුත් ඉතින් ඕනාවට එපාවට ඔලුව උස්සලා ඒ දිහා බැලුවා.... බැලුව ගමන්ම ජංකුක් ගෙ ඇස් ලොකු වෙලා දිලිසෙන්න ගත්තා... හන්ටත් ඉතින් සතුටුයි...

සතුටු නැති වේවීද.. මේ ටිකේ ඉගෙන ගත්ත ඒවා වලින් කරපු පේපරේට ජංකූක්ට ලකුණු අනූ තුනක්.....







. .

එතනින් එහාට එදා දවස ජංකුක් හිටියේ සෑහෙන සතුටින්... හවස පන්තිය ඉවර වෙලා ජංකුක් ඉස්කොලෙ න් එලියට ආවා..... ටිකක් දුර ඇවිදගෙන යනකොට තියන පාලම හරියට ආව ජංකුක් පාලමට හේත්තු වෙලා පේපරේ දිහා බලාගෙන හිනා වේවී ඉන්න උනා.

එයා හිටියේ වෙනම ලොකෙක නීසා තවත් කෙනෙක් එයා ගාවට එනවා එයාට දැනුනෙ නෑ.
ඒ කෙනා ජංකුක් ගාවටම ඇවිත් පාලමට හේත්තු වෙද්දි තමයි ජංකුක් ගැස්සිලා ගිහින් ඒ පැත්ත බැලුවෙ...

.
.

" ආග්... ටේහි්‍යුන්.... ඔ.. ඔයා මෙහේ..." ජංකුක් පුදුමෙන් ඇහුවෙ තමන්ට එහා පැත්තෙ ඉදගෙන ඈත අහස දිහා බලන් ඉන්නෙ වෙන කෙනෙක් නොව්න නිසයි.

ටේහි්‍යුන් කිසිම හදිස්සියක් නැතිව ජංකුක් දිහා බැලුවා... " ම්... මංනෙ ඒක අහන්න ඕන.. ඔයා මොකද මෙතන කරන්නෙ ආ...."

" මේ... මේක බලන්න... " ජංකුක් එයාගෙ අතේ තිබ්බ පේපරේ ටේහි්‍යුන් දිහාවට දික් කරමින් හිනා වේවී කිව්වා...

ටේහි්‍යුන්ගෙ මුණෙත් පොඩි හිනාවක් ඇදුනා. ටේහි්‍යුන් ජංකුක් ගාවට ටිකක් ලං වෙලා එයාගෙ ඔලුව හිමින් අත ගෑවා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now