25.

291 41 3
                                    

" ඔහෝ.... ඔන්න ආයෙමත් ඒ කාලෙ ඇවිත්............ බලන්න බලන්න ලමයි...." ජංකූක්ලාගෙ පන්තිබාර ගුරුතුමා සෙක්ෂන් එක ඉස්සරහා බෝඩ් එකේ දැන්වීමක් ගහන ගමන් හිනා වේවී කිව්වා.

හැමෝම එතනට දුවගෙන ආවෙ ඒ මොකක්ද කියලා දැන ගන්නයි.

" ******* උසස් පාසලේ වර්ෂ අවසාන නත්තල් උත්සවය
තව දින 10 යි" ඒ දැන්වීමේ ගහලා තිබ්බෙ ඒමයි.

පරණ ලමයි අලුත් අයට ඒ ගැන කියා දෙන්න ගත්තා. එදාට මුලු ඉස්කොලෙම ලයිට් බල්බ් වලින් හැඩ කරලා නිකං දිව්‍යලෝකෙ වගේලු... හැමෝටම ඉවසිල්ලක් නෑ ඒ දවස එනකං..



.
.

ඔය අතර ජංකූක්ලාගෙ පන්තියෙත් ඕකට ලෑස්ති වෙන්නයි යන්නෙ.

පන්ති නායක ජින් ඉස්සරහාට ඇවිත් අත්පොඩියක් ගැහුවෙ හැමෝගෙම අවදානෙ එයාගෙ පැත්තට ගන්නයි.

" ම්... ඔන්න ඒනං නත්තල් උත්සවේ එනවා..... ඒයි අහනවලා....." ජින් කියන් යන මැද්දෙන් කෑ ගැහුවෙ තාමත් සමහරු එයාලගෙ කතා වල නිසයි.

" අපේ පන්තිය.... දෙවනි වසර ඒ.... අපිත් එදාට නත්තල් පාටියක් දාන්න තීරණය කලා....." ජින් සතුටින් කියලා එයාම අත්පොඩි ගහන්න උනා.

සමහරුන්ට නම් ඒකට ගොඩක් සතුටුයි වගේ.... ජිමින් පවා හරිම සතුටින් අත්පොඩි ගහන්න උනා... ඒත් ටේහි්‍යුන්ට නම් ඒකෙ ඒ තරං ලොකු දෙයක් දැනුනෙ නෑ. එයා වටපිට ඉන්න අනිත් අය සතුටු වෙන දිහා ඔහේ බලාගෙන හිටියා.

" ම්.... අපි හැමෝම එක එක කෑම ජාති හදනවා.... තමන් කැමති දේවල් එදාට අරං එන්නත් පුළුවන්... පන්තියේ එකතු උන සල්ලි වලින් අපි ඔයාලට බීම අරං දෙනවා...." පන්ති නායිකාව ඒම කියලා කතාව අවසන් කලා.

.
.
.
.

හැමෝම තැන් තැන්වලට එකතු වෙලා නත්තල් උත්සවේට කරන දේවල් වගේම හදන කෑම බිම ගැන කතා වෙන්න ගත්තා... ඔය අතර ජිමිනුත් එයාගෙ මේසෙට වෙලා ලොකු කේක් රෙසිපි තියන පොතක් පෙරල පෙරල ඉන්නවා.

" ඔ.. ජිමින්.. ඔයා කේක් එකක් හැදුවොත් නරකද... දන්නවද...නත්තල් උත්සවේ දවසට තමන් කැමති කෙනෙක් ට ඒක කියන එක හොඳයිලු....... ඔයත් කේක් එකක් හදලා යුංගිට දුන්නොත්......."

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now