04.

529 96 2
                                    

" අපිට තව හරියටම මාසයයි තියෙන්නේ ඉස්කොලේ ෆෙස්ටිවල් එකට.... මතකනෙ..."
ජංකුක් ගෙ පන්තියේ නායකයා ජින් පන්තිය ඉස්රහා ඉදං එහෙට මෙහෙට ඇවිදින ගමන් කියන්න ගත්තා..

" අපි අනිවාර්යෙන්ම හොඳම නිර්මාණයක් කරන්න ඕන තේරුනාද.... මට බෑ ලැජ්ජ වෙන්න.... අහගෙනද ඉන්නෙ..." ජින් නොනවත්වා කියෙව්වත් බහුතරයක් අය තම තමන්ගෙ වැඩ වල කියලා දැක්කම නම් ජින් ට ටිකක් තරහත් ගියා.

" හරි... ඔයාලා ඔයාලගෙ අදහස් දැං ලියන්න... ලියලා ඉස්සරහාට එවන්න.. අපි හොඳම අදහස් ගැන කතා කරමු... " ජින් ටිකක් කේන්ති ගිහින් කියලා දැක්ක පන්ති නායිකාව උන මින්ජි ඉක්මනට ඉස්සරහාට ඇවිත් කිව්වා.

හැමොම තමන්ට ලැබුන කොල කැල්ල අරං තම තමන්ගෙ අදහස් කල්පනා කරන්න ගත්තා. කට්ටිය එකිනෙකා එක්ක කතා කරනෝ. අදහස් හිතනො.... ජිමින් උනත් එහෙට මෙහෙට හැරි හැරී අනිත් අය එක්කත් කතා කර කර කල්පනා කරනෝ. ඒත් ජංකුක්....

ජංකුක් ඩෙස්ක් එකට ඔලුව තියං හොඳට නිදි. ටේ හියුංග් වටපිට බලන ගමන් පිටිපස්ස හැරිලා ජංකුක් දිහා බැලුවා.. ජංකුක් තමන් නිසාද තාමත් අවුලෙන් කියලා ටේහියුංග්ට  හිතෙන්න පටං ගත්තා..



.
.
.
.
.

ඔහොම උදේ වරුව ගෙවිලා ගියා. ඉන්ටවල් වෙලාවට පුරුදු විදිහට රෑෆ්ටොප් එකට ආව ජංකුක් එතන තියන බංකුවෙ උඩ අතට නිදාගෙන මකනයක් උඩ දදා අල්ලනෝ..

එයා මකනෙ දිහා බලං කල්පනා කරනවා.. ඒක නිසානෙ එයාගෙ ජීවිතේ අද මේ විදියට හැමපැත්තෙන්ම වෙනස් වෙලා තියෙන්නෙ..

ඒම හිතන ගමන් ආපහු පාරක් මකනෙ උඩ දැම්මත් ඒක රෑෆ්ටොප් එකේ දැල  එහා පැත්තට වැටුනා..

දැං ඉතිං මොනා කරන්නද.. එහා පැත්තට පැනලා හරි මකනෙ ගන්න එපායෑ.
ජංකුක් හිමින් දැලට කකුල තියමින් උඩට නැග්ගා. ඒත් එකපාරම කොහේ ඉදංද මන්දා දුවගෙන ආව ටේහියුංග් ජංකුක් ව බිමට ඇදලා ගත්තා..

ජංකුක් ව බිමට ඇදලා අරං අත් දෙක බිම දෙපැත්තට හිටින විදිහට පිහිටපු ජංකුක් ගෙ මුණට උඩින් බලං හිටීය ටේහියුංග් හිටියේ හොඳටම බය වෙලා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now